UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී පාදස්ථානය

සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් බුදුරජාණන්වහන්සේ, බුද්ධත්වයෙන් අටවන වසරේ දී ලක්දිවට තෙවන වර වැඩම කළ අවස්ථාවේ දී වෙසක් පුර පසළොස්වක පෝ දිනක සමන්තකූට කඳු මුදුනේ දී තම වම් සිරිපා සටහන තැබූසේක. බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ මුහුදු මට්ටමේ සිට අඩි 7360 ක් උස වූ සිරිපා කන්ද මෙන්ම සොබා සෞන්දර්යයෙන් පිරිපුන් සිරිපා අඩවිය , පාරිසරික වශයෙන් ද සංරක්‍ෂිතයක් වශයෙන් නම් කර තිබේ. ශ්‍රී පාද ස්ථානය වෙත ගමන් කිරීමට හැකි ප්‍රධාන මාර්ග තුනකි.නල්ලතන්නියෙන් ඇරැඹෙන හැටන් මාර්ගය, කුරුවිට එරත්නෙන් ඇරැඹෙන එරත්න මාර්ගය සහ රත්නපුර පලාබද්දලින් ඇරැඹෙන රත්නපුර මාර්ගය, එම මාර්ග තුන යි. දුෂ්කර වුව ද රමණීය මඟක් වූ එරත්න මාර්ගයෙන් අවාරයේ සිරිපා කරුණා කිරීමේදී ‘ මහ ගිරි දඹ’ ආසන්නයේ දී ශ්‍රී පාද ස්ථානය කැමරා කාචයට දර්ශනය වූ අයුරු. මෙවර  ඡායාරූපයෙන් දිස් වෙයි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරය


ජනතාවට සහනය සැනසිල්ල ලබාදෙන පුණ්‍ය භූමිය ගමේ විහාරස්ථානයයි. මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නිමලව ග්‍රාම නිලධාරී වසමේ ය. මල් මොරකැටිය, හල්ගස්හේන, නිමලව, ඉඳිගස්හේන, හේනේගම දකුණ, පරගහවත්ත, හල්පේ, සැමිඩෙල් වෙරළුගහ හේන තෙපුදෙණිය යන ගම්මාන සියල්ල සතර පෝරුවේ දායක ගම් වේ. ඓතිහාසික වශයෙන් වැදගත් පුණ්‍ය භූමියට අයත් ඉඩම සැමිඩෙල් වතුයාය හිමි වූ දොන් හෙන්ද්‍රික් ද සිල්වා සිටුගේ තේ වත්තේ අප්පුහාමි නමැති දානපතියකුට අයත් ය. ඔහු විසින් 20 වන සියවසේ මුල දී අක්කර 02 ක් පමණ භූමිභාගයක් වෙන් කර කුඩා විහාර මන්දිරයක් තනා ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවට ආගමික කටයුතු කර ගැනීමට සලසා දී තිබුණි.

ඉතිරිය»

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]