UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බටදූව විෂ්ණු දේවාලයේ වාර්ෂික මංගල්‍යය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, රණවිරුවන් ඇතුළු ලක්වැසියන්ට සෙත් පතා ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය, මහ පෙරහර හා බෝධි පුජාව දෙසැම්බර් මස 25 , 26 , 27 සහ 28 දිනවලදී පැවැත්වේ.

රටට සාමය, රණවිරුවන්ට චිත්ත ධෛර්්‍යය , ලක්වැසි ජනතාවට සෙත ශාන්තිය , ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන, බටදූව ශ්‍රී විෂ්ණූ මහා දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරද දෙසැම්බර් මස 25 , 26, 27 , 28 දිනයන්හි ප්‍රදේශවාසී දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගිත්වයෙන්, ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ පූර්ණ අනුග්‍රහයෙන්, පැවැත්වීමට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ප්‍රජා සංවර්ධන පදනම කටයුතු යොදා ඇත.

ඒ අනුව දෙසැම්බර් මස 25 වන දින ප.ව. 1.00 ට අලි ඇතුන් සහිත මහා පෙරහර වීථී සංචාරය කිරීමට නියමිත අතර 26 වන දින රණවිරුවන්ට සෙත් ශාන්තිය හා සුනාමි ව්‍යසනයට ගොදුරු වූවන්ට පින් පැමිණවීම වෙනුවෙන් පවත්වන්නා වු මහා බෝධි පූජාව ද 27 වන දින සවස 6.00 ට ආරම්භ වී රාත්‍රිය පුරා පැවැත්වෙන දේව හාස්කම් සහිත දේව මංගල්‍යය ද 28 වන දින අළුයම අග්නිජාලා තරණය සහ උදෑසන දේව දානය පැවැත්වේ.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]