UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඳුවප් පෝදා පින්කම්

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී උඳුවප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම මැදගම අමරනන්ද හිමි, 8 – 9.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 – 11.15 දහම් දෙසුම කොස්ගම උපරතන හිමි, 11.20 අභයදාන පින්කම සහ ඒ පිළිබඳ අනුශාසනාව කළමුල්ලේ ජිනරතන නා හිමි, පස්වරු 1 – 2 .45 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි, 3 – 4 දහම් දෙසුම මොරකැටි ආරේ ධම්මික හිමි, 4.30 – 6 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 6.30 – 7.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව පැවැත්වේ.

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාම මහා විහාරස්ථානයේදී සීල භාවනා වැඩ සටහන් මාලාවක් උඳුවප් පුර පසළොස්වක පොහෝදා, විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8 – 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩ සටහන, 9.15 – 10.15 ධර්ම දේශනාව තලල්ලේ ධම්මදේව හිමි, 10.15 – 11.15 දවල් අහාර සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසික සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2.15 – 3.00 භාවනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ පස්වෙනි ගුණ සමරුව නිමිත්තෙන් පස්වරු 3 නේ සිට පින්කම් මාලාවක් පැවැත්වේ. 07.45 – 08.45 එදින රාත්‍රී ධර්ම දේශනාව කෙහෙල්පෙත සුමනවංස හිමියන් විසින් පවත්වනු ලැබේ.

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී උඳුවප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය හා අනුශාසනාව මහරගම මහින්ද හිමි 8 – 9 දහම් දෙසුම මෙහෙයවීම කහපත්විල සුසීම හිමි, 9 – 10 රූපවාහිනී ධර්ම දේශනාව 10 –11 දේශනය, ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා පස්වරු 12.30 – 1 පිරිත් සජ්ඣායනාව 1 – 2 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා 2 – 3 දහම් දෙසුම බොරැල්ලේ අතුල නාහිමි, 3 – 4 බෞද්ධ කථාව ශාන්ත ජෝන්වංශ මහතා 4 – 5 දහම් දෙසුම කොටපොල අමරකිත්ති හිමි, 5 – 5.30 බුද්ධ පූජාව.

මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ දී පින්කම් රැසක්

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් දෙසැම්බර් මස 12 වන දින බණ්ඩාරවත්ත මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේදී පැවැත්වේ.

ප්‍රදේශවාසීන් එකමුතු තරුණ සමිතිය එක්ව ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පිරිසට සෙත්පතා 12 සර්ව රාත්‍රි පිරිත් දෙසුමක් හා 13 වන දින 100 ක් නමක් විෂයෙහි දානමය පින්කමක් ප්‍රදේශවාසින්ගෙන් හා තලංගම පොලිස්ථානාධිපති රංජිත් දසනායක මහතාගේ දායකත්වයෙන් සිදුකෙරේ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී උඳුවප් පුර පෝදා සිදු කැරෙන තරුණ සීල සමාදාන පින්කම මෙසේ ය.

එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8 – 9 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 විශේෂ දේශනය, නාලක හේවාමද්දුම මහතා, 10 – 11.15 අසරණ සරණ සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ මහවත්තේ පාසාදික හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි, 2 – 3 ධර්ම දේශනාව පණ්ඩිත වතුරවිල සිරි සුජාත හිමි, 3 – 4 ධර්මදේශනාව උයන්වත්තේ ඤාණාලෝක නා හිමි, 4.15 – 5 ධම්මපදය, ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව ඇරැව්වල සුධම්ම හිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී උඳුවප් පෝදා වැඩි හිටි සීල සමාදානය මෙහෙයවන පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව මහරගම ධම්මසිරි නාහිමි, 8 – 9 භාවනාව හක්මන සුමනසිරි හිමි, 9 – 10 ධර්ම දේශනාව මඩිහේ සුගතසිරි නාහිමි, 10 – 11 අභිධර්ම කථාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව මකුලේමඩ විජිතවංස හිමි, පස්වරු 12.25. – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ කන්තලේ මධුරදේව හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව, උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 – 3 ධර්ම දේශනාව ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, 3 – 3.45 ධර්ම දේශනාව, පදලංගල ධම්මදේව නාහිමි, 4 – 5 ධම්ම දේශනාව, බොරැල්ලේ අතුල නාහිමි, 5 – 6 ධම්ම පදය, පානදුරේ පසන්න හිමි, 6 6.30 බෝධි පූජාව (පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි සහ මියගිය රණවිරුවන්ට පින් පැමිණවීම පිණිස) මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ සංඝමිත්තාරාමයේ දී උඳුවප් පුන් පොහෝ දින අලුයම 5.30 ට ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වෙන අතර පෝදා පෙරවරු 6 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.

පෙරවරු 7.30 සිට 9.30 දක්වා දාස්වත්තේ සුමන සීල හිමියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද, 9.45 – 11 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද, 11 ට දවල් බුද්ධ පූජාවද පස්වරු 12.30 – 1 ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනාව පැවැත්වෙන අතර පස්වරු 1 – 1.30 දක්වා කොට්ටාවේ පි‍්‍රයංකා ශිරන්තිනී උපාසිකාව පවත්වන දේශනයක්ද, 1.30 – 2 පන්නිපිටියේ වීනා සමරතුංග උපාසිකාව පවත්වන දේශනයක්ද 2.15 – 5 දක්වා වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවක්ද 5 – 5.30 තුන් සූත්‍ර සජ්ඣායනාවද අවසානයේ සිල් පවාරණය 6.30 ට විශේෂ ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක සාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

මාතර බෝධිය

මාතර බෝධීන් වහන්සේ අබියසදී මාතර බෝධි ආරක්ෂක සභාව මෙහෙයවීමෙන් උඳුවප් පෝදා සිදු කැරෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම දෙනගම පඤ්ඤාලෝක හිමි, 8 - 9.30 දහම් දෙසුම මාතලේ සෝමිස්සර හිමි . 9.30 - 10.30 දහම් දෙසුම බලංගොඩ සාන්තසිරි හිමි පස්වරු 2 - 3.30 දහම් දෙසුම දේවාලේගම සුමනරතන හිමි 3.45 - 5 ධර්ම සාකච්ඡා මෙහෙයවීම ඇහැලපේ යතිරතන හිමි හත්තොටුවේ ඉන්දරතන හිමි. 5 - 6 සිල් පවාරණය දෙනගම පඤ්ඤාලෝක හිමි.

දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම සමරුව දා රණවිරුවන්ට සෙත් පතා පින්කම්

බුලත්සිංහල කොබවක ශ්‍රී සුමනාරාමයේ විහාරාධිකාරි දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය සමරා,රට,ජාතිය ආගම සුරකින ක්‍රියාන්විත රාජකාරියේ සේවය කරන ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන් උදෙසා ඔවුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ විශේෂ ආශිර්වාදාත්මක ආගමික වැඩසටහනක් 12 දින යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් පොන්සේකා මහතාගේ අනුමැතියෙන් හා වන්නි යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණය යටතේ සිදු කිරීමට ශ්‍රී සුමනාරාම විහාරස්ථ දායක සභාව සහ කොබවක සිරිසුමන තරුණ බෞද්ධ සමිතිය මගින් සංවිධානය කර ඇත.

මේ වෙනුවෙන් පිරිත් නූල් ගැට ගැසීම නිෂ්පාදිත රස කැවිලි පානීය ජලය , හා ඖෂධ වර්ග පිිරිනැමීම සිදුවන අතර, දෙසැම්බර් 12 දින සවස 6.00 ට වන්නි 21 වන සේවා මන්නාරාම ගජසිංහ පුර යුද හමුදා කදවුරේදී තෙරුවන් සරණ හා දේවරක්‍ෂාව පතා මහා බෝධි පූජා පින්කමක් රත්නපුර ගල්ලෑල්ලේ සීවලී හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

කොම්පෙයාහේන

හෝමාගම , පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේදී උඳුවප් පොහොය දින පවත්වන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6.30 - 7.30 - සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව කළුතර සරද හිමි, 8.15 - 9.45 භාවනාව නිලන්ත බමුණුආරච්චි මහතා, 10 - 11 - ධර්ම දේශනය නොච්චියාගම ඉන්දරතන හිමි, 11 - 12 . 45 බුද්ධ වන්දනාව පස්වරු 12.45 - 2 - දායක සභා රැස්වීම / පිරිත් ධර්මය දේශනා කිරීම 2 - 3 ධර්ම දේශනය දිවුලංගැටේ ලංකානන්ද හිමි, 3.15 - 4.15 - ධර්ම දේශනය මාලඹේ සීලරතන හිමි, 4.30 - 5. 30 - ධර්මදේශනය අළුත්ගම විපුලඤාණ හිමි, 6 - දේශයේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම, සටන්බිමේ රැඳී සිටින රණවිරුවන්ට සෙත් පැතීම හා ආශිර්වාද කිරීම සඳහා පනාගොඩ සුමිතුරු ක්‍රීඩා සමාජය සංවිධානය කරන අටවිසි බුද්ධ පූජා පින්කම සහ කාව්‍යමය ධර්ම දේශනය.

සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරය

දෙල්ගොඩ, සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පින්කම් මාලාවක් මෙම පෝදා ඉ¼ගිනියාගල සාගර හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ දායක සභාව මෙහෙයවීමෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 ට සීල සමාදාන පින්කමද ගිලන්පස බුද්ධ පූජා හා දානමය පින්කම්ද, දම් දෙසුම්, ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන් ද දවස පුරා පැවැත්වේ. කොස්පැලෑනේ සුමනානන්ද හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනය පෙරවරු 9 – 10 දක්වා පැවැත්වේ.

පස්වරු 5 – 6 දක්වා කාව්‍ය ධර්මදේශනාව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් පවත්වනු ලැබේ. පස්වරු 7 ට ත්‍රිවිධ හමුදාවට පොලීසියට හා සියලු රටවැසියනට සෙත්පතා අටවිසි බුද්ධ පූජා ගිලන්පස පූජා හා බෝධි පූජා පැවැත්වේ.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]