UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාවේ සජීව උඳුවප් පොහොය විකාශය ශ්‍රී සම්බෝධි විහාරයේ සිට

එදින අලුයම 05.45 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වේ. පෙරවරු 6 – 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 7 –8 හීල් දානය පිරිනැමීම, 8 – 9 ධර්ම දේශනාව, සියම් මහානිකායේ කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍රය ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, 9 – 10.30 භාවනා වැඩ සටහන, ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ලග්ගල කල්‍යාණවංශ හිමි, 10.30 – 11 ධම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති, පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි දායක සභාවේ සභාපති හා ගිහි අනුශාසක අග විනිසුරු ධූරන්දර සරත් එන්. සිල්වා මහතා, 11.10 – 11.30 සම්බුදු පූජාව, පන්නල පඤ්ඤාලෝක හිමි, 11.30 –12 දවල් දානය පිරිනැමීම,

මධ්‍යහ්න 12 – 12.30 මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා රෝද පුටු කෘත්‍රීම පාද පිරිනැමීම, පස්වරු 1 – 2 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, කලුබෝවිටියන ගුණානන්ද, හිමි, 2 – 3.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අඹේවෙළ පඤ්ඤාසාර නා හිමි, 3.30 – 3.45 ගිලන්පස පිරිනැමීම, 3.45 – 5 ධර්ම දේශනාව, ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමි, 5 – 6 ධර්ම දේශනය, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨනාචාර්ය මීතලාවේ විජිත හිමි, 6 – 6.30 සත් බුදු පූජාව හා සිල් පවාරණය, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථාන වාසී විනය රතන හිමියන් විසිනි.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]