UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේදී නොවැම්බර් 1 වන දා ඇරැඹුනු පින්කම් මාලාව 2009 ජනවාරි 9 වන දා දක්වා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ඒ අනුව ජනවාරි 02 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා පින්කම් මාලාව සිදු කැරේ. ජනවාරි 3 වන දා සිට 6 වන දා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවද ජනවාරි 7 දා රාත්‍රී උඩමළුවේ පෙරහරද 8 වන දා රාත්‍රී දෙවන වීථි පෙරහරද 9 වන දා රාත්‍රී 9 ට මහ පෙරහරද පැවැත්වේ. මෙම උඳුවප් පුර පෝදා පෙරවරු 9 – 10 දක්වා දහම් දෙසුම කිරින්දේ රේවත හිමි සවස 3 – 4 දහම් දෙසුම මොරවක සෝරත නා හිමි, රාත්‍රී 7 – 8 දහම් දෙසුම මාරපන විජිත නා හිමි 13 වන දා රාත්‍රී 7 – 8 දහම් දෙසුම ආචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 14 වන දා මල්වානේ චන්දරතන හිමි, 15 වන දා ශාස්ත්‍රපති දැදිගම තිලකවංස හිමි 16 වන දා කොටුවිල විමලකිත්ති නා හිමි 17 වන දා ආචාර්ය වැලිගෙපොළ සීලවංශ හිමි 18 වන දා උයන්වත්තේ ඤාණාලෝක නා හිමි එම දහම් දෙසුම් පවත්වනු ලැබේ.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]