UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෝම හාමුදුරුවො ධර්ම දේශනා කලාව අලුතින් පටන් ගත්තා

සෝම ස්වාමීන් වහන්සේගේ පහළවීමෙන් සමාජයට ලැබුණු දෑ මොනවාදැයි නැවත වතාවක් අවධානය යොමුකළ යුතු යැයි මාවරලේ භද්දිය හිමියෝ පවසති.

මෑත යුගයේ සසුනඹරේ පහළ වූ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් වූ අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳ මාවරලේ භද්දිය හිමියන් දැක්වූ අදහස් මෙසේ ය.

ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වී වසර පහක් සපිරීම නිමින්තෙනි.

සෝම ස්වාමීන්වහන්සේගේ පහළ වීමෙන් මේ සමාජයට ලැබුණු දේ මොනවාද කියන කරුණ පිළිබඳව නැවත වතාවක් අපේ අවධානය යොමු කිරීම උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්වසක් ගත වන වෙලාවේ ප්‍රයෝජනවත් යැයි කල්පනා කරනව.

විශේෂයෙන් සෝම ස්වාමීන් වහන්සේ ලංකාවේ චරිතයක් ලෙස ඉස්මතුවන යුගය වනවිට අපට දකින්නට ලැබුණේ හින්දු ආගමික චින්තනය, මේ රටේ තිබෙනබව එම සංස්කෘතිය ඉතාම ප්‍රබල තැනකට ගමන් කරමින් තිබුණ. විශේෂයෙන් ම මිනිසුන්ට පැන නැගී තිබූ ආර්ථික පීඩනයන් සමඟ මිනිස්සු වඩාත් ‘දේව වරම්’ වාදය ඔස්සෙ. එහෙම නැත්නම් දේවාල, නක්‍ෂත්‍ර ගුරුකම්, කරන පුද්ගලයන් ඔස්සේ තමන්ගේ  ජීවන ප්‍රශ්නවලට විසඳුම් හොයන්ට පෙළඹෙමින් තිබුණ.

මෙන්න මේ යුගයේ තමයි සෝම ස්වාමීන්වහන්සේ පහළ වන්නේ. එය මා හිතනවා බුද්ධාගම හින්දු ආගමික සංස්කෘතිය එකතුවෙලා ථෙරවාදී බුදුදහමේ හරය විනාශ වී යන්නට ආසන්න මොහොතකයි උන්වහන්සේ මැදිහත් වෙන්නෙ. උන්වහන්සේගේ මැදිහත්වීම නිසා වේගයෙන් හින්දු සංකල්පවලට බුද්ධාගම හැරෙමින් තිබූ යුගය ආ පස්සට ගෙන එන්නට පුළුවන්කම, අවකාශය සැලසුනා.

මොකද? ඒ වනවිට ලංකාවේ බලවත් වී තිබුණේ ලිබරල් වාදය. ‘කන්න ඕනේ, බොන්න ඕනේ’ කියන සංස්කෘතිය බොහොම බලවත් වූ නිදහස් ආර්ථිකය ප්‍රබල ස්ථානයක් හිමි වූ යුගයකයි උන්වහන්සේගේ ආගමනය සිද්ධ වෙන්නෙ.

උන්වහන්සේගේ පැමිණීම නිසා බෞද්ධ සමාජයට හින්දු ආගම ඇදහීමෙන් වළකින්නට අවකාශය සැලසුනා.

ඊට අමතරව උන්වහන්සේ භික්ෂුවක් ලෙස ලංකාවේ දේශපාලනය සම්බන්ධ හොඳ ස්ථාවරයක සිටිය. ඒ වන කොට සිංහල සහ බෞද්ධ කියන කතිකාව ලංකාවේ දේශපාලනයේ වැදගත් තැනක් හිමිකර ගත්තේ නැහැ. දේශපාලනික තීන්දු තීරණ ගනිත්දී සිංහල බෞද්ධ සමාජය සැලකිය යුතු බලවේගයක් විධියට ඇත්තටම සලකමින් තිබුනේ් නැහැ.

උන්වහන්සේ නියෝජනය කළ කාලවකවානුව තුළ. නමුත් උන්වහන්සේ ගොඩ නගපු බෞද්ධ බලවේගය නිසා උන්වහන්සේ සිංහල බෞද්ධගම පිළිබඳව කතා කරන්නට සිංහල බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටින්නට බෞද්ධයන්ගේ් සිත්තුළ තිබිච්ච චකිතය, භය අයින් කර දැම්මා. මොකද? ප්‍රධාන මාධ්‍යය නියෝජනය කළ චරිතයක් ලෙස උන්වහන්සේ ඒ වෙනුවෙන් පෙනී සිටිත්දී සැඟවිලා හිටපු අයටත් ඒ වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වෙන්නට ‘සිංහලකම’ සහ ‘බෞද්ධකම’ වෙනුවෙන් පෙනී සිටින්නට ලොකු ශක්තියක් ලොකුª පන්නරයක් ලැබුනා. විශේෂයෙන් එහි උච්චතම අවස්ථාව උන්වහන්සේගේ අපවත්වීමත් සමග සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේ ජීවමාන කාලය තුළම උන්වහන්සේගේ් මැදිහත්වීම් නිසා මේ රටේ රාජ්‍ය නායකත්වයට දේශපාලන අධිකාරියට සිංහල බෞද්ධ සමාජයකුත් මේ රට තුළ ඉන්නවාය කියන කරුණ දේශපාලන තීන්දු තීරණ ගනිත්දී හිතන්ට වෙන තැනට උන්වහන්සේ මේ සමාජය සකස් කළා.

මා දකිනව එය රට පැත්තෙන් උන්වහන්සේගේ සේවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් කියල. ඊට අමතරව සෝම ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීම නිසා මේ සමාජයේ යම් සුචරිතවත් ගමනක ආරම්භය ඒක මම කියන්නේ නෑ අවසානය දක්වා ගෙන ගියාය කියලා.

ආරම්භක ස්ථානය, ආරම්භක පියවර කීපය උන්වහ්නසේ මේ සමාජයේ අරගෙන ගියා සමාජ සුචරිතය ගොඩනැගීම සඳහා. උන්වහන්සේගේ් හැම දේශනයක්ම හෙමින් නිරීක්ෂණය කළොත් අපට පෙනෙනවා උන්වහන්සේ නිරන්තරයෙන්ම අවධාරණය කරනව සමාජය පංච දුශ්චරිතයෙන් ගැලවුනොත් සුචරිතවත් පවුලක් ගොඩ නැගුනොත් මේ රට, සමාජය ගොඩ නගන්නට ඉතාම පහසුබව. උන්වහන්සේ රට පුරා කළ හැම දේශනයකදීම වාක්‍ය දහයකින් හෝ කියා තිබෙනවා. උන්වහන්සේ පහළ වූ යුගය මා මුලින් සඳහන් කළා වගේ ලංකාවේ ආර්ථික ලිබරල්වාදය තදින් ඉස්මතු වූ යුගයක්.

කන එක, නයිට් ක්ලබ් යන එක සහ සූදුව සහ සුරාවෙන් දුගතියට යන එක එතරම් ප්‍රශ්නයක් නොමැති සමාජයක් ඒ වනවිට ලංකාවේ ඉහත ආර්ථිකය තුළ ගොඩ නැගෙනමින් තිබුණා. ඒ ඉහත දැක්ම තුළ ගොඩ නැගෙමින් තිබුණා. නමුත් සෝම හාමුදුරුවන් අපට පෙන්වල දුන්න ගෞරවණීය විවාහ ජීවිතයක තිබෙන වටිනාකම මාතෘත්වය සහ පීතෘත්වයෙහි වටිනාකම, පූජනීය බව උන්වහන්සේ ගේ සිංහල බෞද්ධ විවාහකයාට පෙන්වා දුන්න.

තරුණයන්ගේ පැත්තට සෝම හාමුදුරුවන්ගේ එළඹුම වැදගත් ප්‍රවේශයක්. ඒ යුගයේ නව යෞවන වියේ හිටපු තරුණ ඇත්තො රූපවාහිනි නාලිකාවක් ළඟට ආවා නම් ඒ හින්දි චිත්‍රපටයක් බලන්න. එහෙමත් නැත්නම් ක්‍රිකට් මැච් එකක් බලන්න. නමුත් සෝම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා, සන්නිවේදන කලාව අලුතින් හදුන්වා දුන්නාට පසු තරුණ තරුණියන් දහස් ගණනින් උන්වහන්සේ දේශන කරන වෙලාවට රූපවාහිනිය, ගුවන් විදුලිය අබියසට එක්රොක් වීමට පටන් ගත්තා.

ඇතැම් නාලිකාවලට උන්වහන්සේ ජයපි‍්‍රය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වුණා.

විකුණන්න පුළුවන් හාමුදුරු කෙනෙක් කියන අදහස ඇතැම් අය තුළ ඇතිවුණා.

නමුත් සෝම හාමුදුරුවෝ විකුණුනේ නෑ මොකද? සෝම හාමුදුරුවෝ ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරල උන්වහ්නසේ හික්මිලා තිබුණා. ඒ නිසා උන්වහන්සේ මේ වෙළෙඳ පොළේ විකුණුනේ නෑ. නමුත් සියල්ල විකුණන වෙළෙඳපොළ ඇතුලේ සෝම ස්වාමීන්වහන්සේ යනු විකිණිය හැකි භාණ්ඩයක් බව ගැඹුරින් සාකච්ඡා කරමින් තිබුණා. නමුත් උන්වහන්සේ දක්ෂ වුණා ඉතාම සෘජුව ‘උජුපටිපන්න’ කියන උතුම් ගුණය අපවත්වන තුරාම තමන්ගේ චරිතයේ තියා ගන්න. මාධ්‍යය භාවිතා කරල සන්නිවේදන කුසලතා පාවිච්චි කරල තරුණ සමාජය ධර්මය දෙසට ආකර්ශනය කරන්න. අද වෙන කොට ඒ රළ වේගය අපට දැක ගන්නට පුළුවන්. සුදු ඇදුම ඇන්දේ නැති සමාජය අද විහාරස්ථානයට එන, ආගමික කටයුතුවලට සහභාගි වන සුදු ඇඳුම තමන්ගේ ජීවිතයේ එක අංගයක් බවට පත්කර ගෙන තිබෙනවා. උන්වහන්සේ ආරම්භක පියවර තැබුවා. මේ රටේ තරුණ භික්ෂූන් වහන්සේටත් වැඩිහිටි භික්ෂූන් වහන්සේටත්, ලොකු වගකීමක් තිබෙනව උන්වහන්සේ නවත්වපු තැන සිට ඉදිරියට මේ බෞද්ධ සමාජය දියුණු කරන්න අද උන්වහන්සේ අනුගමනය කරලා උන්වහන්සේග් දේශන කලාව හොඳින් අධ්‍යයනය කරල ඒ දර්ශනික පසුබිම මත පදනම් වී බොහොමයක් භික්ෂූන්වහන්සේ බිහි වී තිබෙනව. එයට පදනම වැටුනේ සෝම ස්වාමීන්වහන්සේගෙන් අවසාන වශයෙන් උන්වහන්සේට උපදින හැම භවයකම මේ රට තුළ උපදිත්වා. කෙළවර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකිත්වා.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]