UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූරයට පත් ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා අරලියගහ මන්දිරයේදී සිදු කැරිණි. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා විසින් කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන් වෙත අභිනව සභාපති පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමූ අවස්ථාව. කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා විසින් විජිනිපත පිළිගැන්විණි. අමාත්‍යවරුන් වන ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, මිලින්ද මොරගොඩ, බන්දුල ගුණවර්ධන සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ද සේයාරුවේ වෙති.

සේයාරුව - සුදත් මලවීර

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම

 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝම්බර් 17, 18 දිනවලදී පැවැත්වේ. ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනැමෙන අමුතු මුල් තැන් බුද්ධ පූජාව සහ කප්රුක් සහිත කඨින චීවර පූජාව සහ මල්වතු අස්ගිරි අතිගරු මහානායක, අනුනායක හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන අට පිරිකර සහිත සංඝගත දක්‍ෂිණාවක් මෙම පින්කමට ඇතුළත් වේ.

ඉතිරිය»

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]