UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රද්දැල්ලේ පඤ්ඤාලෝක නා හිමි චරිතාපදානය සම්පාදනයට විස්තර ඉල්ලයි

කිරුළපණ ශ්‍රී පූර්වාරාමය, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමය ඇතුළු විහාරස්ථාන පහක අධිපතිධූරය දැරූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරය 2009 ජනවාරි 12 වැනි දිනට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් විශේෂ සමරු උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම ගුණ සමරු උත්සවයේ දී අනුනාහිමියන්ගේ සවිස්තර චරිතාපදානයක් එළිදැක්වීමට රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පත්බේරියේ විමලඤාණ නා හිමියන්ගේ උපදෙස් පරිදි පඤ්ඤාලෝක අනුනාහිමි ජන්ම ශත සංවත්සර කමිටුව සැලසුම් කොට ඇති අතර මෙම චරිතාපදානයට ඇතුළත් කිරීම සඳහා අනුනාහිමියන්ගේ ජීවිතය සම්බන්ධ තොරතුරු අවශ්‍යව ඇත.

විශේෂයෙන් රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමියන් ලියූ ලිපි අත් අකුරින් ලියූ ලේඛන, පෙනී සිටි ඡායාරූප, ධර්ම දේශනා ඇතුළත් කැසට්පට, වීඩියෝ පට, දේශන පිටපත් නාහිමියන් සමග හුවමාරු ලිපි යනාදිය ජන්මෝත්සව කමිටුවට ලැබෙන්නට සළසන මෙන් ඉල්ලීමක් කැරේ. යොමු කළ යුතු ලිපිනය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමි ජන්ම ශත සංවත්සර චරිතාපදාන කමිටුව, ශ්‍රී පූර්වාරාම විහාරය, 106, පූර්වාරාම පාර, කිරුළපන, කොළඹ 05 වේ.

 

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]