UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වප් පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී වප් පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව, බෞද්ධ කොඩි 150 කින් කිරිවෙහෙර චෛත්‍ය වටා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පැළඳවීම සිදු කෙරේ.

කිරිවෙහෙර චෛත්‍ය මාලුවේ භාවනා වැඩසටහන පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ශාස්ත්‍රපති මහගම ජනානන්ද නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර මහසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධි පූජා පින්කම පවත්වා ශ්‍රී ලංකා වාසී සැමට හා රණවිරුවන්ට සෙත් පැතීම සිදුකෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී මෙම වප් පෝදා පවත්වනු ලබන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව පනාපිටියේ විජිත නන්ද හිමි 8 – 8.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 10 – 11.15 දහම් දෙසුම බටුවන්ගල රාහුල හිමි, 11.15 අභයදාන පින්කම සහ අනුශාසනය පලාතොට පඤ්ඤානන්ද හිමි, පස්වරු 1 – 2 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 2.30 – 3.30 දහම් දෙසුම මලේගොඩ නන්ද නාහිමි, 3.45 – 4.45 දහම් දෙසුම රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සිරිසීවලි හිමි, 5 – 7 දහම් දෙසුම ආනන්ද චත්ත හිමි 7.15 – 8.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන අරහාදී පහන් පූජාව.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී වප් පෝදා පැවැත්වෙන තරුණ සීල සමාදාන වැඩසටහන මෙසේය. එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8 – 9 භාවනාව කැනඩාවේ විසසාගා විහාරාධිකාරී යටිරාවන ධම්මාරාම හිමි, 9 – 10 දේශනය මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා, 10 – 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ රත්මලානේ සෝමානන්ද හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඥාන හිමි, 2 – 3 ධර්ම දේශනාව අධිකාරිගම සාන්ත සුමන හිමි, 3 – 4 දහම් දෙසුම ගලිගමුවේ ඤාණදීප හිමි, 4.15 – 5 ධම්ම පදය ගබ්බෙල වජිර හිමි, 5 – 6 දහම් දෙසුම දියතලාවේ පියදස්සී හිමි, 6 – 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි හිමි

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් මෙම වප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය හා අනුශාසනාව යටිරාවන ධම්මාරාම නාහිමි 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි 9 – 10 දහම් දෙසුම මොරවක සෝරත හිමි 10 – 11 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා 11-15 බුද්ධ පූජාව මහවත්තේ පාසාදික හිමි පස්වරු 12.25 – 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ කරතොට මයුරධම්ම හිමි 1 – 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව උඩුදුම්බර ලංකානන්ද හිමි 2 – 3 දහම් දෙසුම කථිකාචාර්ය මල්වානේ චන්දරතන හිමි 3 – 3.45 දහම් දෙසුම අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි 4 – 5 දහම් දෙසුම නෑකින්නේ අරියවිමල නාහිමි 5 – 6 ධම්ම පදය පානදුරේ පසන්න හිමි 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ දී වප් පුර පෝදා තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් පින් කම් මාලාවක් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසඨ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද හිමි, 8 – 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 – 10.15 දහම් දෙසුම රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි, 10.15- 11.00 බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද හිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 - 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩ සටහන මෙහෙය වීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 දහම් දෙසුම යටිගල විජිත හිමි, 4.30 – 5.30 මන්දාරම් නුවර පඤ්ඤානන්ද හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද හිමි, 7.00 – 7.30 සම්බුද්ධ වන්දනාව මෙහෙයවීම කෙසෙල්දොත සුමන වංස හිමි, 7.45 – 8.45 රාත්‍රී දහම් දෙසුම තලල්ලේ ධම්මදේව හිමි.

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී වප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය හා අනුශාසනාව මහරගම මහින්ද හිමි 8 –9 දහම් දෙසුම මහමෙවුනාවේ මංගල හිමි 9 – 10 දහම් දෙසුම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි 10 –11 බෞද්ධ කතාව කථිකාචාර්ය සම්පත් අමරසිංහ මහතා පස්වරු 12.30 - 1.30 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 – 4 දහම් දෙසුම තම්මිටිගම වජිර හිමි 4 – 5 දහම් දෙසුම යටිගල පඤ්ඤාසාර හිමි.

සමස්ත ලංකා කාන්තා බෞද්ධ සම්මේලනය

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ වප් පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පෑබොටුවේ සෝභිත හිමි, 8 – 9 ධර්ම දේශනය වලානේ සුමන හිමි, 9 – 10 භාවනාව පුවක්දෙණියේ ශාසනවංස හිමි, 10.15 – 11.15 ධර්ම දේශනය නේපාලයේ ආලෝක හිමි, 11.15 – 11.30 බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 පිරිත් සජ්ඣායනය, 1.00- 1.45 ධර්ම සාකච්ඡාව, 2 – 3 ධර්ම දේශනය බද්දේගම ගුණලංකාර හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව තලල්ලේ ධම්මික හිමි, 4.30 බෝධි පූජාව.
 

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී වප් පෝදා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 ට සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7 ට බුද්ධ පූජාව, 8 – 15 භාවනා වැඩසටහන බුද්ධියාගම ධම්මසේන හිමි, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව, පස්වරු 1.00 ට විශේෂ දේශනය, 2.15 ධර්ම දේශනය, 3.00 ට ධර්ම දේශනය මාවරලේ භද්දිය හිමි, 5.15 ධර්ම දේශනය 6.00 බුද්ධ පූජාවන් අනතුරුව සිල් පවාරණය කැරේ.

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේදී වප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6.25 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මලිදුව විමලවංශ නාහිමි 8 බුදු ගුණ වන්දනාව වලස්ගල පඤ්ඤාසිරි හිමි, 9.30 විදර්ශනා මාර්ගය දෙසුම චන්ද්‍රරණතුංග මාතාව 10.30 බුද්ධ වන්දනාව ගොඩගම චූලාලංකාර නාහිමි පස්වරු 1.30 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සෝමරතන නාහිමි ප්‍රධාන සඟරුවන විසිනි. 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම පැලෑනේ සුවිනීත හිමි 3 දහම් දෙසුම කැලණියේ අජිත හිමි 5 විශේෂ ධර්ම දේශනය හබරන්විල සෝරත හිමි

කොළඹ දිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමූපකාර සමිතිය

සී/ස කොළඹ දිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමූපකාර සමිතිය මෙහෙයවීමෙන් බුදුදහමයි ආයුර්වේදයයි සම්මන්ත්‍රණය හා දේශීය වෛද්‍ය උපදේශන සේවාව මෙම වප් පෝදා සවස 3 – 6 දක්වා මාවතගම පාදුක්කේ ශ්‍රී වර්ධනාරාමයේ දී වැඩසටහන් ලේකම්, එස්. ඒ. පියසේන මහතා සඳහන් කරයි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේ දී වප් පෝදා අලුයම 5.30 ට ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වන අතර පෙරවරු 6 පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.

පෙරවරු 7.30 - 9.00 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව මෙහෙය වන භාවනා වැඩසටහනක් ද, 9 -11 වැල්ලම්පිටියේ විනයවංශ හිමිපාණන් වහන්සේ පවත්වන ධර්ම දේශනයක් ද 11 දවල් බුද්ධ පූජාව පස්වරු 2.30 – 1 දක්වා ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1 – 1.30 පන්නිපිටියේ වීනා සමරතුංග උපාසිකාව පවත්වන දේශනයක්ද 2 – 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවක්ද 5 – 5.30 තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය ද 6.30 ට අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලබයි.

 

 

 

 

 

 

 

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]