UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වර්ගයේ දෙවන ගාථාව ය. සරල සිංහල අර්ථය පැහැදිලි කර ‘සබ්බේ සංඛාරා අනිච්ඡාති’ යන්නට පරිකථා විවරණය කරන්න.


පිළිතුර
- සබ්බේ සංඛාරා අනිච්ඡාති

යදා පඤ්ඤාය පස්සති

අථ නිබ් බින්දති දුක්ඛෙ

එස මග්ගො විසුද්ධියා

ගාථා ධර්මයෙහි අන්තර්ගත අදහස් මෙසේ ය. සියලු සංස්කාරයෝ අනිත්‍යහයි යම් කලෙක් නුවණින් දකී ද? එකල දුකෙහි කළකිරෙයි, සසර පැවැත්ම අවබෝධ කර ගනී. මෙය නිවනට මග වේ.

අනිච්චාවත සංඛාරා - සංස්කාර ධර්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් දුඞඛය, අනාත්ම ලක්ෂණ යුක්ත බැවින් අනාත්මය, අනිත්‍ය ලක්ෂණය නම් බිඳී යාමය පිළිසිඳගත් මොහොතේ සිට දිරීම වෙනස් වීම - ආදී වශයෙන් පරිහානිය කරා යොමු වීම.

දුඞඛ ලක්ෂණය නම් - පිළිසිඳ ගත් මොහොතේ සිට දිරීම ආදී කොට තැලීම - පෙළීම නිසා ඇතිවන දුක් වේදනාව ය.

අනාත්ම ලක්ෂණය - තම කැමැත්ත අනුව මේ කිසිවක් නොපවත්නා බව ය. තම පංච ස්කන්ධය පිළිබඳ ආදිපත්‍යක් තමන්ට නොමැති බවය.

ප්‍රශ්නය - පහත සඳහන් ධම්මපද ගාථාවෙහි ඉතා වැදගත් සාසනික තොරතුරක් සටහන්ව ඇත. පැහැදිලි කරන්න.

ගාථාව - ඉධ වස්සං වසිස්සාම ඉධ හෙමන්ත ගිමිස්ස ඉති බාලො විචන්තෙති - අන්තරාසං නබුජ්ඣතිති

පිළිතුර - වස්සාන, හේමන්ත , ගිම්හාන සමයවලදී කුසීතව විසීම හැර සසර පැවැත්ම ගැන නොදත් අඥාන පුද්ගලයෙකු පිළිබඳ ව විස්තරයකි.

විනය පිටකයට අනුව හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් අවුරුද්දෙහි මාස 12 සෘතු තුනකට බෙදන ලද්දේ ය. බුද්ධ කාලයේ මගධයේ සම්මතයකි ඒ. ඉල් මස කාල පක්ෂය පටන් සාර මස බැගින් මෙසේ වෙන් කොට ඇත.

ඉල් - උඳුවප්- දුරුතු - නවම් සිවු මස හේමන්තයයි.

මැදින්, බක්, වෙසක්, පොසොන් යන සිවු මාසය ගිම්හානයයි.

ඇසළ , නිකිණි, බිනර, වප් යන සිවුමස වස්සාන ය.

හේමන්ත නම් - හිමානි එත්ථ සනිතිති හෙමොහෙමො එව හෙමන්තො හිම බහුල කාලයයි.

ගිම්හාන - හිරු රැස් සැඩ පරුෂ කාලයයි. ගරති විලයතිති - ගිම්හො, වස්සාන නම් වැසි බහුල කාලය වස්සති එත්ථානි වස්සං.

ප්‍රශ්නය - ධර්ම ග්‍රන්ථයන්හි ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමන ධර්මයක් ද? පැහැදිලි කරන්න.

පිළිතුර - කාම, භව, මිච්ඡා දිට්ඨි, අවිඡජා යන මේ සතරයි.

කායගතා සතිය නිතර වඩන මහණදම් පුරන පැවිද්දන්ගේ හා සිහි නුවණින් යෙදී සිටින දැහැමි ගිහියන්ගේ කාමාදි ආශ්‍රවයෝ නැසී යන්නාහ.

ප්‍රශ්නය - නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි මේ කියමන ධර්මානුකූ®ලව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨි නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන් ද ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි. වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නා සේම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨක නම් වේ.

ප්‍රශ්නය - ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේ ගේ් කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සසුනට ඇªතුළත් ව රහත් බව ලබා විනයවාදි මෙහෙණින් අතුරෙහි අගතැන් ද ලැබුවා ය.

මේ තැනැත්තිය කවුද? රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳව කෙටි සටහනකින් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේ ගේ කුමන ගුණයක් මෙයින් මතු වී පෙනේද? යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේ ගේ් කරුණා නෙතට යොමු වූ ඇය පටාචාරා අසරණියයි. තම ස්වාමියාත්, දරු දෙදෙනාත්, දෙමාපියනුත්, එකම සහෝදරයාත් එකම දා මිය යාමෙන් සෙනෙහෙබර ලෝකය අහිමි වූ පටාචාරාව බුදුරජාණන් වහන්සේ ගේ් මහා කරුණාවට ලක්වීමෙන් සුවපත් වූවා ය.

මෙයින් බුදුරජාණන් වහන්සේ ගේ මානව හිතවාදී ගුණය කැපී පෙණුනි.

ප්‍රශ්නය - කොසොල් මහ රජතුමා තම බිසව දියණියක ප්‍රසූත කර අති බව අසා ශෝකාකූ®ල මුහුණින් යුතු ව තම අකැමැත්ත බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියේ ය. එහිදී ඔහු ඇමතු බුදුරජාණන් වහන්සේ ‘මහ රජ ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සිල්වත් කාන්තාව ද වාසනාවන්ත ය. ඇය අනාගතයේ දී වාසනාවන්ත පුතුන් ප්‍රසූත කරනු ඇත. එබැවින් ඇය ඉතා හොඳින් පෝෂණය කළ යුතු යැයි පෙන්වා දුන්හ. කාන්තාව පිළිබඳ ව බෞද්ධ ආකල්පයෙහි බිඳකි මේ. පැරැණි භාරතීය සමාජයේ කාන්තාවන්ට හිමි වූ තැනත් බෞද්ධ යුගයෙහි දී එය වෙනස් වූ ආකාරයත් පැහැදිලි කරන්න.

පිළිතුර - කාන්තාව මිය යන තුරු ම හිමියා ගේ වහලියක සේ යටත් විය යුතු ය යන අදහස ප්‍රචලිත යුගයක, තම හිමියා මළ විට වැන්දඹු කාන්තාව හිමියාගේ සොහොනට පැන දිවි පුද කළ යුතුය යන්න පිළිගෙන තිබුණි. මෙවන් තත්ත්වයක ගැහැණු දරු උපත පවා පවුලක අභාග්‍යයක් කොට සැලකූ®හ. බෞද්ධ යුගයෙහි දී කාන්තාව මවක් වශයෙන් මිනිස් සමාජයේ පූජණීයත්වයට පත් වූවාය. මෙහෙණි සස්න පිහිටුවා මානව අයිතිවාසිකම්වලින් පෝෂණය කළහ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ පැරැණි භාරත සමාජයේ ආගම දර්ශන ඉදිරිපත් කළ සමකාලීන ශාස්තෘන් අතර ම ජීවත් වෙමින් ධර්මය මහජනයා ඉදිරියෙහි තැබූහ. අනෙක් ශාස්තෘවරුන්ගේ් ක්‍රියා පිළිවෙලට ඉඳුරා ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් දහම මහජනයා වෙත ඉදිරිපත් කළ ආකාරය හා අවබෝධ කර වූ ආකාරය පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර- බුදු සසුනෙන් බැහැර අන්‍ය ආගමික නායකයන් ප්‍රකාශ කර සිටියේ සිය ආගම් හා පමණක් සත්‍ය දර්ශන හා ආගම් වන අතර එයින් බැහැර සියලු මිථ්‍යා මතවාද ලෙස අවඥාවෙන් බැහැර කළ යුතු බවයි. ඔවුහු තම ආගමික මතවාද පිළිගැනීමට බල කළහ.

බ්‍රාහ්මණ පූජක පිරිස සමාජ කොට්ඨාසයකට ආගම ඇදහීම තහනම් කළහ. ඇතැම් ආගමික ඇදහිම් කුලවාද පටු සීමාවන් තුළ ප්‍රචලිත කිරීමේ සමාජ සාධාරණත්වය ද ආගම් තුළින් බැහැර කළහ.

බුදුරජාණන් වහන්සේ තම ධර්මය පිළිගැනීමට බල නොකළහ. විමසා බලා වැටහේ නම් පමණක් පිළිගැනීමට අවසර ලැබිණ. ආගමක් පිළිගැනීම හෝ පිළි නොගැනීම ඒ පුද්ගලයන් සතු වගකීමක් බව ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ බුද්ධියට සිතට එකඟ නම් පමණක් පිළිගැනීමට ඉදිරිපත් වන්නය ආගමික නම්‍යශීලි ආකල්පයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළහ.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]