UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රා.ව. 1800 දී ආරම්භ කරන ලද පානදුර රන්කොත් විහාරය මෙම ඡායාරූපයෙන් දක්වෙයි. ලොව පතළ පානදුරා වාදය (1873 අගෝ. 26 - 28) පැවැත්වීම හා ප්‍රථම වරට බෞද්ධ විවාහ ලේකම්වරුන් පත් කිරීම ආදී වැදගත් මෙහෙවර රාශියකට මූලිකත්වය දුන් වල්පිටගුණරතන තිස්ස නා හිමියන් විහාරාධිපති ධූරය දැරූ රන්කොත් විහාරය, ඓතිහාසික වශයෙන් වටිනා පුද බිමකි.

(ඡායාරූපය - ජනක වෙත්තසිංහ)

මිදිගම වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානය

මාතර මිදිගම වෙහෙරගොඩ විහාරස්ථානයේ ලේඛනගත ඉතිහාසය ක්‍රි.ව. 1776 තෙක් අතීතයට ගමන් කරයි. උඩරට පදේශයේ සිට පහත රටට වැඩමකළ මහ සිංහලේ හාමුදුරුවෝ යන නමින් ප්‍රසිද්ධ වූ ස්වාමීන්වහන්සේ නමක් මුලින්ම මෙහි වස් වසා වස්කාලය අවසානයේ ප්‍රදේශවාසී ජනප්‍රධානීන් 18 දෙනෙකු අත්සනින් මෙම භූමිභාගය තල්පතක ලියා පූජා කරන ලදී. ඒ වනවිටත් බෝධීන්වහන්සේ වැඩ සිටි අතර උන්වහන්සේ විසින් කුඩා දාගැබක් කරවන ලදී. ඉන්පසු විහාරාධිපතිත්වයට පත්වූයේ ද උඩරටින්ම වැඩම කළ සිංහලේ හාමුදුරුවෝ නමින් හඳුන්වන ලද ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් එකී දාගැබ වසා දැනට පවතින ඝණ්ටාකාර දාගැබ කරවන ලදී. විහාරමලුවේ පැරණි අත්තිවාරමක තිබී බුබ්බුලාකාර අඟල් එකහමාරක පමණ උස ඇති රන්කරඬුවක් හමු වී ඇත. එය මුල් දාගැබේ ආකෘතියක් වියයුතු යැයි විශ්වාස කරනු ලැබේ.

ඉතිරිය»

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]