UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ලුයිස් බ්‍රවුන් ගේ උපත

මිනිසා මවන ලද්දේ සර්ව බලධාරී දෙවියකු විසින් යැයි කී විට බෞද්ධයන් උපහාසයෙන් සිනාසෙනු නියත ය. එහෙත්, ලෝකයේ ජනගහනයෙන් අති බහුතරය එ සේ නොවනු ඇත. මන්ද යත්, මැවුම්කාර දෙවියකු පිළිබඳ ව විශ්වාස කැරෙන පිරිස ලෝක ජනගහනයෙන් අති බහුතරය වන බැවිනි. එ සේ වුව ද චාර්ල්ස් ඩාවින් විසින් 1859 දී ලියන ලද ජීවීන් ගේ සම්භවය නමැති කෘතියෙහි ඇතුළත් කරුණු ප්‍රතික්‍ෂේප කැරෙන පිරිස අල්ප ය. මේ පරස්පරය සමඟ ඉදිරියට යන ලෝකය කෙ බඳු දැයි වටහා දෙන අපූරු වාර්තාවක් පසුගිය දා අපට දකින්නට ලැබිණ. ඒ . එෆ්.පී පුවත් සේවයේ එම අපූරු වාර්තාව අප පාඨකයන් ගේ අවධානය පිණිස මෙහි යළි උපුටා දක්වමු.

“තිස් වසරකට පෙර ලොව පුරා ප්‍රධාන සිරස්තලයන්ට මාතෘකා වූ ලුයිස් බ්‍රවුන් ඉකුත් විසිපත් වන දා නිරිතදිග එංගලන්තයේ බ්‍රිස්ටල්හි දී අප්‍රසිද්ධියේ ම සිය තිස්වන උපන් දිනය සැමරුවා ය. එදා ඇය ලෝ පතල වූයේ ලෝකයේ පළමු වන නළ දරුවා ලෙස ය.”

‘’වෙස්ලි මලින්ඩර් නමැති ඇගේ සැමියා හා දහඅට මසැති කැමරන් පුතු සමඟ දිවි ගෙවන ඇය නාවුක සමාගමක පරිපාලන නිලධාරිනියකි. නිරිතදිග එංගලන්තය් ඕල්හැම් දිස්ත්‍රික් රෝහලේ දී 1978 ජුලි මස 25 වන දා සිසේරියන් සැත්කමකින් උපත ලබන විට කිලෝ ග්‍රෑම් 2.61 ක් බර වූ ඇය මවු කුසේ ස්වභාවික ව පිළිසිඳ ගත්තියක් නො වේ. ඇගේ මාපියන් (ලෙස්ලි හා ජෝන්) වසර නවයක් ම දරුවකු නොමැති ව කල්ගත කළේ මව ගේ පැලෝපීය නාළයේ අවහිරතාවක් හේතුකොට ගැබ් නො ගත් නිසා ය.”

“කේම්බ්‍රිජ් සරසවියේ කායික වෛද්‍ය විශේෂඥ රොබට් එඩ්වර්ඩ්ස් හා නාරිවේදී පැට්‍රික් ස්ටෙජටෝ ගේ කෘතිම ගැබ් ගැන්වීමේ පර්යේෂණ ගැන අසන්නට ලැබී ම ඔවුන් ගේ හුදකලා බවේ අවසානය විය. කෘතිම ගැබ් ගැන්වීමකට ඔවුන් අභිමතය පළ කිරීමෙන් පසු මේ වෛද්‍යවරුන් දෙදෙනා ලෙස්ලි හා ජෝන් යුවළ ගෙන් ලබාගත් බීජයක් හා ශුක්‍රාණුවක් රසායනාකාරයක දී ජීව කළලයක් බවට පත්කැර ලෙස්ලි ගේ ගැබෙහි තැන්පත් කළ හ. එයින් උපත ලද දරුවා ලුයිස් බ්‍රවුන් ය. අසාමාන්‍ය පිළිසිඳ ගැනීමක් නිසා ඇගේ උපත සිදු වූ බවට ඇගේ දෙමව්පියන් විසින් ඇයට දැනුම් දී ඇත්තේ ඇය සිවුවන වියට පා තැබූ විට ය”.

“ඇගේ උපත ලොව පුරා නළ දරුවන් මිලියන ගණනක ගේ උපතට මුල් විය. උපතින් පසු සාමාන්‍ය දරුවකු සේ වැඩුණු ඇය ගේ උපතින් වසර හතරකට පසු නටාලි නමැති සොයුරිය පවුලට එක් වූයේ ද නළ දරුවකු ලෙස ය. ලෝකයේ හතළිස් වන නළ දරුවා වූයේ නටාලි ය. 1999 දී ස්වභාවික දරු උපතක් සිදුකළ ඇය ගේ එම දරු ප්‍රසූතිය, නළ දරුවකු ලෙස උපත ලද ගැහැනියක ගේ පළමු ස්වභාවික දරු ප්‍රසූතිය ලෙස සැලැකේ”.

මේ ප්‍රවෘත්තිය නිසා අප පාඨකයන් තුළ ද ව්‍යාකූල මානසිකත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එ බැවින්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් 1984 දී ලියන ලද ‘බුදු සමය සහ විද්‍යාත්මක ආකල්පය’ නමැති ලිපියෙන් කොටසක් මෙහි උපුටා දක්වමු.

“නවීන විද්‍යාව මිනිස් සංහතියට ප්‍රදානය කැර ඇත්තේ සහනයක් ම නො වේ. නවීන විද්‍යාව විසින් ගතානුගතික චින්තනයේ එල්බ ගෙන සිටි මිනිසුන් කෝප කළ අවස්ථා විටින් විට මතු වී තිබේ. ඒ වනාහි විද්‍යාත්මක සංකල්ප හේතුකොට ගෙන බමුණු මතිමතාන්තර වලට අභියෝග එල්ල වූ අවස්ථා ය. නොයෙක් සම්ප්‍රදායික ආගමික විශ්වාස වලට නවීන විද්‍යාත්මක සංකල්ප වලින් දරුණු අභියෝග එල්ල වී ඇති බව නො රහසකි. ගතානුගතික ආගමික විශ්වාසයකට විද්‍යාත්මක ප්‍රහාරයක් එල්ල වූ සෑම අවස්ථාවක දී ම ඒ ප්‍රහාරයට ඔරොත්තු දීම සඳහා අදාළ ආගමික විශ්වාසයට නව අර්ථකථනය ක් ඉදිරිපත් කිරීමට පූජක පක්ෂයට සිදු විය. යම් නිශ්චිත විශ්වාසයක් සම්බන්ධයෙන් ආගමකින් සහ විද්‍යාවෙන් පරස්පර විරෝධී අර්ථකථනය සම්ප්‍රදායික පිළිගැනීම අභිභවනය කොට ඇත. සියලු ආගමික දර්ශනවාද අතරින් නවීන විද්‍යාත්මක සංකල්ප වලින් අවම තර්ජන එල්ල වී තිබෙන්නේ් බෞද්ධ දර්ශනයට බවයි, මගේ ඒකාන්ත නිගමනය”.

මෙය, සියලු බෞද්ධයන් ගේ අවධානයට යොමු විය යුතු කරුණකි.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]