UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ගිරිඋල්ල – නාරංගොඩ, මඩුගස්වත්ත පදිංචි අවුරුදු 13 ක් වයසැති සචිනි සුගන්ධිකා අබේරත්න දියණිය ශ්‍රව්‍ය ආබාධයක් නිසා කතා කිරීමටද නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇතැයිද ඇය සුවපත් කිරීමට කර්ණ ශංච බද්ධයක් කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවෙතැයි ගණන්බලා ඇති අතර ඊට ජනාධිපති අරමුදලින් ලක්‍ෂ 03 ක මුදලක් අනුමත වී ඇති අතර ඉතිරි මුදල සොයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ උපකාර බලාපොරොත්තු වන බව කියයි. මෙම මුදලින් කොටසක් සපයා ගැනීම සඳහා තම එකම දේපල වන නිවස සහිත ඉඩම විකිණීමට තීරණය කර ඇත. 037 – 4920410 දුරකතන අංකයෙන් තොරතුරු ලබාගත හැකි බවත් ආධාර කිරීමට කැමති පින්වතුන් සඳහා 092 –207 –02 0065 – 0 කුලියාපිටිය මහජන බැංකුවේ ගිණුම් අංකයට බැරකරන ලෙසත් ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------------

ඉක්මනින් බද්ධ කිරීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් වුවමනා කර ඇතැයි ද පරිත්‍යාගශීලීන් කරුණාකර පහත අංක වලට අමතන ලෙසද ඉල්ලීමක් කැරේ.

077 – 6979974, 011 – 5670086, ඊ.ජේ. චන්ද්‍රසිරි , නො - 168 නැදගමුව, කොටුගොඩ ලිපිනය වේ.

-------------------------------------------------------

මාතර, කැකනදුර, පරවාහැර, “පරණවත්ත” ලිපිනයේ පදිංචි තාරපේරිය ගමඇතිගේ ශි‍්‍රයාලතා මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන බැවින් ඇය සුවපත් කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන අතර එතරම් මුදලක් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවත් ඊට පරිත්‍යාගශීලී සහාය අපේක්‍ෂා කරන බවත් කියයි. මහජන බැංකුවේ මාතර උයන්වත්ත ශාඛාවේ 032 – 2 – 001 – 6 – 8601720 යන ගිණුම් අංක යටතේ බිරිඳගේ නමින් ආරම්භ කර ඇති ඉතිරි කිරීමේ ගිණුමට පරිත්‍යාග යොමු කළ හැකි බව කියයි. තවද ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් ඉහත ලිපිනයට ඒ බව දන්වන ලෙසද ඇයගේ ස්වාමිපුරුෂයා වන එම්. පී. චන්ද්‍රසේන මහතා ඉල්ලීමක් කරයි.

-------------------------------------------------------

නාවලපිටිය, බේලිපාර 11/1, පදිංචි, එච්.ඩී. රත්නාවතී මහත්මියට “ඕ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගයට අයත් වකුගඩුවක් වහාම අවශ්‍ය වී ඇති බවත් එම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බැවින් එතරම් මුදලක් සොයා ගැනීමට අපහසු නිසා පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්‍ෂා කැරේ. නාවලපිටිය කොමර්ෂල් බැංකුවේ 8890001471 ගිණුමට පරිත්‍යාග යොමු කළ හැකි බවද කියයි. 060 –2540410, 077 – 9148069 දුරකතන අංක වේ. ඉකුත් ජූලි 2 දා බුදුසරණ පත්‍රයේ පළවූ ගිණුම් අංකය 8890001417 වැරැදි හෙයින් නිවැරැදි ගිණුම් අංකය 8890001471 බවත් කියයි.

-------------------------------------------------------

කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ, ජාතික කඩදාසි සංස්ථාවේ සේවයේ නියුතු ව සිටි කළු ආරච්චිගේ ජයන්ත උදයසිරි මහතා වකුගඩු රෝගයකින් පෙළෙමින් අසාධ්‍යව පසුවෙයි. ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් දන්වා ඇත. ඔහුගේ ලේ වර්ගය “ඒ පොසිටිව්” බැවින් ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දන්දීමට කැමති කාරුණික අයකු වෙතොත් වැඩිදුර තොරතුරු මෙහි සඳහන් දුරකථන අංක වලට 071.6057472, 2624747 ඇමතීමෙන් දැනගත හැකි බව කියයි.

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]