UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති.

කටුවන විජිත හිමි

උඩුනුවර වේගිරිකන්ද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති දෙනුවර උපප්‍රධාන සංඝනායක පොල්පිටියේ කාශ්‍යප නාහිමියන්ගේ හා ශාස්ත්‍රපති පණ්ඩිත පුවක්දෙණියේ නන්දසිරි හිමියන්ගේ ශිෂ්‍ය පේරාදෙණිය ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්‍ෂු අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය ලබන කටුවන විනීත සාමණේරයන් වහන්සේ ඉකුත් දා අමරපුර සිරි සද්ධම්ම වංස නිකායේ රාජස්ගලවිහාර පාර්ශ්වයේ මහානා හිමි ප්‍රමුඛ මහ සඟරුවන වෙතින් රත්නපුර නවනගර ආනන්ද මෛත්‍රීය මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

මහනුවර ධම්මසිරි හිමි

කටුගස්තොට ශ්‍රී සටිකාරාම පුණ්‍යායතනාධිපති ශ්‍රී ලංකාරාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍ය රාජකීය පරාධිත නුගවෙල, පඤ්ඤාජොති නාහිමිගේ ශිෂ්‍ය කටුගස්තොට ශ්‍රී සටිකාආරාම පුණ්‍යායතනාරාම වාසි මහනුවර ධම්මසිරි සාමණේර හිමියන් පොල්ගහවෙල කුලීපිටිය විජයතුංගාරාමය රත්ස්දුකොට මාඔයේ ඉදිකරනු ලබන උදකුක්ඛේප සීමාමාලකයේ දී ඉකුත් දා අධිසිල් ලැබූහ.

කළුගල සුගතනන්ද හිමි,    කටුවන සුචිත්ත හිමි

පානදුර මොරවින්නේ සුධර්මාරාමය, වාද්දූව දෙල්දූවේ ගණේවත්ත පුරාණ විහාරය, බණ්ඩාරගම මස්විල ශෛලතලාරාමය, වාද්දූව මැලෑගම සුගතබිම්බාරාමය යන චතුර් විහාරාධිපති, කළුතර දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නාහිමියන්ගේ ශිෂ්‍ය කොස්වත්ත එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ ආචාර්ය කළුගල සුගතනන්ද, කටුවන සුචිත්ත යන සාමණේර හිමිවරු ජූලි මස 11 වන දින කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්ථ ශ්‍රී ධීරානන්ද සීමාමාලකයේ දී අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ මහා නායක බලංගොඩ සුධම්මවංස මහා නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් අධිසිල් ලැබූහ.

වෑවල සමිත හිමි,  ඔරුබැඳිවැව දමිත හිමි

කුණ්ඩසාලේ නත්තරන්පොත ගල්මඩුව රජමහ විහාරය, මාරස්සන තලාව රජමහ විහාරය, වට්ටාරාම අරහත්ත මලියදේව රජමහ විහාරය යන ස්ථානයන්හි අධිපති ගම්මුල්ලේ සුමංගල නා හිමි සහ වට්ටාරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහ විහාරයේ භාරකාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාකඩවර ආනන්ද හිමියන්ගේ ශිෂ්‍යයන් ලෙස වෑවල සමිත, ඔරු බැඳිවැව දමිත යන සාමණේර හිමිවරු අස්ගිරිය මහා විහාරයේ දී අධිසිල් ලැබූහ.

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]