UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව වස් විසීම

2008 ජූලි ඇසළ පෝදා කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරය බුද්ධගයා, ජය ශ්‍රී මහාබෝධි මහාවිහාරය, බරණැස මූලගන්ධකුටි විහාරය, ලුම්ඹිණි විහාරය, නවදිල්ලි බුද්ධ විහාරය, ශ්‍රාවස්ති සහ ලක්නවූ යන සිද්ධස්ථානවල වස් සමාදන් වීමේ කටයුතු ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරේ. ශ්‍රී ධර්මරාජික විහාරයේ දී ගින්නලියේ පඤ්ඤාරාම හිමියන් ඇතුළු කදුරුවැවේ වජිර වංශ, වැල්ලම්පිටියේ රතන යන ස්වාමීන් වහන්සේලාත්, බුද්ධගයාවේ පැලන්වත්තේ සීවලී හිමියන්, පැල්පිට මහින්ද, කහටගස්දිගිලියේ මේධංකර අඹගස්ආරේ විමලරතන, හොරොව්පොතානේ කුසලචිත්ත යන භික්‍ෂූන් වහන්සේත්, බරණැස මූලගන්ධිකුටි විහාරයේ දී අචාර්ය කහවත්තේ සුමේධ හිමියන්, මානියම්ගම, නන්දසිරි, රත්මල්වල සුමිත්තානන්ද, ගම්පහ ධම්මරතන යන භික්‍ෂූන් වහන්සේත්, ලුම්බිණියේ වනරතන හිමියන් සහ නේමින්ද යන භික්‍ෂූන්වහන්සේත්, නවදිල්ලි නුවර අපරැක්කේ දීපානන්ද හිමියන්, මාවඩවිල ශාන්ත යන දෙනමත් ලක්නවුහි ගලගෙදර ප්‍රඥානන්ද හිමියන් සහ සැවැත් නුවර ස්වරූපානන්ද හිමියන්, ඔරිස්සාව මධ්‍යස්ථානයේ ගස්පේ සද්ධාතිස්ස යන භික්‍ෂූන් වහන්සේ වස් සමාදන් වීම සඳහා කටයුතු යොදා ඇත. පිරිත් දේශනා හින්දි සහ බෙංගලි භාෂාවලින් ධර්ම දේශනා භාවනා පන්ති ආදී ආගමික වතාවත් කිරීම සඳහා විධි විධාන යොදා ඇත.

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]