UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන, වැලිතොටුව වත්ත, සංකල්ප විහාරස්ථානයේදී ඇසළපුර පෝදා ශීල සමාදාන වැඩසටහන පැවැත්වේ. එදින පෙරවරු 5 ට කිරි ආහාර අටවිසි බුද්ධ පූජා පින්කමද පෙරවරු 6 ට මහා සීල සමාදාන වැඩසටහන ද ආරම්භ වේ. සිල්දීම සහ අනුශාසනාව ගොම්බද්දල ධමිත හිමි, පාමංකඩ ඉන්ද්‍රජෝති හිමි, මකුරුප්පේ සෝමාලංකාර හිමි, හංවැල්ලේ ධම්මබෝධි හිමි, කහපොළ නන්දරතන හිමි, බේරේගම අමිත හිමි යන හිමිවරුන්ගේ දම් දෙසුමද කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විමල් හේවාමානගේ සහ බී.ජී. සුමතිපාල යන අයගේ ධර්මදේශනා සහ ගිහි දේශනා මෙම සීල වැඩසටහනට ඇතුළත් වේ. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමිපාණන් විසින් මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.

බුදු මැඳුර විවෘත කිරීම පෝදා

ගාල්ල, කළුවැල්ල හිරගෙදර මංසන්ධියේ ආරම්භ කර ඇති බෝධි භාරකාර පදනමේ නිර්මාතෘ හා එහි සභාපති බී.ආර්.ප්‍රේමසිරි මහතාගේ ඉල්ලීම පරිදි නිමල් ජී.බතීගම මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද නව බුදු මැදුර විවෘත කිරීම හා බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීම හබරකඩ සෝරත නාහිමියන්ගේ සුරතින් මෙම ඇසළ පෝදා සිදුකැරේ.

“මා විසින් මෙසේ අසන ලදී” ග්‍රන්ථය එළි දැක්වීම 20 වන දා

ගම්පහ ගජබා පාරේ සාකෙත මැදුරේ දී මෙම 20 වනදා පස්වරු 3 ට ඩී.ඩී.පී. රත්නාකර මහතා විසින් රචිත “මා විසින් මෙසේ අසන ලදී” බෞද්ධ ග්‍රන්ථය එළිදැක්වේ. නැදගමුවේ විජයමෛත්‍රී හිමියන් සහ “සිළුමිණ” කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා ද එම අවස්ථාවට සහභාගී වේ.

මඩපාත පින්කම්

පිළියන්දල දී මෙයට තෙමසකට පෙර බස් රථ බෝම්බයෙන් දිවි පිදූ සියලු දෙනාට පින් පැමිණවීමත් දැනට ප්‍රතිකාර ලබන සියලු දෙනාට සුවය ප්‍රාර්ථනා කරමින් මෙම 20 වන දා පිළියන්දල මඩපාත ශ්‍රී ශෛලතලාරාමයේ දී බෝධි පූජාවක් සහ කාව්‍ය දම් දෙසුමක් මාකඳුරේ පඤ්ඤාසාර හිමියන් විසින් පැවැත්වීමට මෙඩේරිගම නන්දාරාම හිමියෝ කටයුතු යොදා ඇත.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේදී ඇසළ පෝදා අලුයම 5.30 විශේෂ ක්‍ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක්ද පෙරවරු 6 පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහනක් ද පැවැත්වේ. පෙරවරු 7.30 9.00 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව පවත්වන භාවනා වැඩසටහනද, 9 - 9.30 මීගොඩ විලානි ඉන්දිකා උපාසිකාව පවත්වන ධර්ම දේශනයක්ද, 9.45 - 10.45 රත්නපුර ආනන්දි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද වේ. 11 දවල් බුද්ධ පූජාවද පස්වරු 2.30 ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනාව පැවැත්වේ. 1 - 2 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන සක්මන් භාවනා වැඩසටහනද, 2.15 - 3 කටුනායක පාරමි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද 3 - 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා පවත්වන ධර්ම සාකච්ඡාවක්ද වේ. 5 - 5.30 තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. 6.30 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

මාකුඹුර පුරාණ විහාරය

මාකුඹුර පුරාණ විහාරයේ දී ඇසළ පෝදා බොරළුගොඩ ඉන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ධම්මචක්ක සූත්‍ර දේශනාව සහ වස් ආරාධනා පින්කම සිදු කැරේ. එදින සවස 6.30 ට රටට සෙත් පතා අටවිසි බුද්ධ පූජාවක් ද 7 ට දම්සක්පැවැතුම් සූත්‍ර දේශනාව තෙරිපැහැ ධම්මරුචි හිමියන් හා බොරළුගොඩ ජිනාලංකාර හිමියන් විසින් ද පවත්වනු ලබන අතර 8.30 ට වස් ආරාධනා පින්කම සිදු කැරේ.

පන්නල දේවරාජාරාමය

ඇසළ සදහම් කලාපය 2008 නමින් විශේෂ ආගමික උත්සව මාලාවක් පන්නල ශ්‍රී දේවරාජාරාමයේදී මෙම 16 සිට 20 දක්වා පැවැත්වේ.

ඇසළ තොරණ (ස්වර්ණ හංසජාතකය) භක්තිගීත, පහන්කූඩු තරග, පුරාවිද්‍යා ප්‍රදර්ශන, බෞද්ධ සිතුවම් දැක්ම, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, බෞද්ධ චිත්‍රපට ඇතුලු විශේෂාංග රැසක් මෙම සදහම් කලාපයට ඇතුළත් කර ඇත. විහාරාධිපති තම්මිට පියනන්ද, විහාරාධිකාරි මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව මාලාව විහාරස්ථ දායක සභාව හා ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර ඇත. රත්නසිරි පතිරණ

විදර්ශනා භාවනා හා දේශනා

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ. ඒ. පියරත්න මහතා විසින් සෑම පුර පසලොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන “විදර්ශනා භාවනා හා දේශනා” වැඩසටහන් මාලාව මෙම ඇසළ පුර පොහොය දින පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ.

එදින 8.30 සිට 10.30 රාගම, මත්තුමගල, පරාක්‍රමපුර බෞද්ධාලෝක විහාරස්ථානයේදී මාපිටිගම සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද, පස්වරු 12.30 - 2.30 ගම්පහ, බටහිර උග්ගල්බොඩ ශ්‍රී සුසිලාරාමයේදී වැල්හේනේ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද, 2.30 - 4.30 දෙවලපොල, මාකලන්දන ශ්‍රී ඉන්ද්‍රාවංශාරාමයේදී වන්දාරම්නුවර සුමනවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ 4.30 - 6.30 දෙවලපොල, ගල්ලෙගෙදර ශ්‍රී සාක්‍යවංශාරාමයේදී අලුත්නුවර සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද එම වැඩසටහන පැවැත්වේ.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේදී ඇසළ පෝදා අලුයම 5.30 විශේෂ ක්‍ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක්ද පෙරවරු 6 පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහනක් ද පැවැත්වේ. පෙරවරු 7.30 9.00 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව පවත්වන භාවනා වැඩසටහනද, 9 - 9.30 මීගොඩ විලානි ඉන්දිකා උපාසිකාව පවත්වන ධර්ම දේශනයක්ද, 9.45 - 10.45 රත්නපුර ආනන්දි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද වේ. 11 දවල් බුද්ධ පූජාවද පස්වරු 2.30 ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනාව පැවැත්වේ. 1 - 2 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන සක්මන් භාවනා වැඩසටහනද, 2.15 - 3 කටුනායක පාරමි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද 3 - 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා පවත්වන ධර්ම සාකච්ඡාවක්ද වේ. 5 - 5.30 තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. 6.30 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේදී ඇසළ පුර පොහෝදා විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ සීල භාවනා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේය. පෙරවරු 5.45 - 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව 6.30 - 7.30 සිල් සමාදන් කරවීම සහ කිරිපිඬු පූජාව ඇත්කඳුරේ සුමනසාර හිමි, 8.30 - 9.30 ජාතක විමර්ශනය ඇකිරියේ සමිත හිමි 9.45 - 10.45 ධර්ම දේශනය ඇත්කඳුරේ සුමනසාර මාහිමි 11 - 11.30 බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි පස්වරු 1 - 2 සෙත් පිරිත් සජ්ඣායනය සහ බුදු සරණ පත්‍ර ධර්මදානමය පින්කම 2 - 3 විශේෂ භාවනා වැඩසටහන සිරිසේන ලියනාරච්චි මහතා 3.15 - 4.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි 4.30 - 5.30 ධර්ම දේශනය බොරැල්ලේ අතුල නාහිමි 6.30 - 7.30 විශේෂ අටවිසි බුද්ධ පූජාව මුරපොල පියවංස හිමි සෑම මසකම 2 වන සෙනසුරාදා උදේ 8 - 10.30 දක්වා විශේෂ චිත්තාභ්‍යාස පුහුණු භාවනා වැඩසටහනක් කම්මට්ඨානාචාර්ය ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමියන් විසින් පවත්වනු ලැබේ.

ආයුර්වේදයයි බුදු දහමයි සම්මන්ත්‍රණය කොහුවල දී

ඇසළ පෝදා පස්වරු 3 – 6 “බුදු දහමයි ආයුර්වේදයයි” සම්මන්ත්‍රණය දේශීය වෛද්‍ය උපදේශන සේවාව නමැති වැඩසටහන කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේ දී පැවැත්වේ. එය වෛද්‍ය දුමන්ති පෙරේරා ලත්පදුර මහත්මිය විසින් සංවිධානය කරන බව සී/ස කොළඹ දිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමූපකාර සමිතියේ කළමනාකාර ලේකම් වෛද්‍යාචාර්ය එස්.ඒ. පියසේන මහතා කියයි.

කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් ඇසල පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. එම වැඩසටහන මෙසේය. එදින පෙරවරු 6.30 - 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම ගැට අරුළුවේ විපුලධම්ම හිමි, 8 - 9.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 - 11.45 දහම් දෙසුම දොඩන්ගොඩ උදිත හිමි, පස්වරු 1 - 3 දහම් දෙසුම පලාතොට පඤ්ඤානන්ද හිමි 3.15 - 4.30 දහම් දෙසුම මාවරලේ භද්ධිය හිමි, 5 - 6 දහම් දෙසුම කන්තලේ සිරිනන්ද හිමි, 7.15 - 8.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පුජාව

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]