UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හොරේතුඩුව ගංගාරාමයේ ඇසළ පින්කම

හොරේතුඩුව ගංගාරාමයේදී රණවිරුවන් සිහිකර රටට සාමය උදා කිරීමේ ඇසළ මහා පින්කම ඇසළ පෝදා සමස්ත ලංකා එක්සත් භික්‍ෂූ බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් බෞද්ධාගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් අන්‍යලබ්ධික පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ ද සහභභාගිත්වයෙන් දවස පුරා පින්කම් මාලාවක් විහාරාධිපති වැලිගම අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. එදින පෙරවරු 6 ට සීල සමාදානයද 8 දහම් දෙසුම උණකුරුවේ අරියධජ හිමියන් විසින් 9 ට අරලියගහ මන්දිරයේ සිට විකාශය කැරෙන රූපවාහිනි ධර්මදේශනාවද පස්වරු 1 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශණාවද 2 ට භාවනා වැඩ සටහනද 3 බෞද්ධ කතාව රවීන්ද්‍ර මුදලිගේ මහතා විසින්ද 4ට රණවිරුවන් සිහි කිරීම හා රටට ජාතියට සාමය උදා කිරීමේ සර්වාගමික ජන හමුව මානව හිමිකම් හා ආපදා කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා හා බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය එම්.එස්.සෙල්ලසාමි මහතා ඇතුළු බෞද්ධ, හින්දු කතෝලික, ඉස්ලාම් සියලු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

පස්වරු 6 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ට සෙත්පතා බෝධි පූජාව පැවැත්වේ.

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]