UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සඟ රජ මාහිමි පෙරහර පෝදා

මහනුවර මල් වතු විහාරයීය සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ මෙහෙයවීමෙන් වැලිවිට සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ සිහිපත් කිරීම් වස් වාර්ෂික සංඝරාජ මහ පෙරහර සහ සංඝරාජ ගුණානුස්මරණ උත්සවය ඇසල පුර පසළොස්වක පෝදා පැවැත්වේ.

සංඝරාජ මාහිමි ප්‍රතිමාව රැගත් පෙරහර මල් වතු විහාරයෙන් එදින සවස 2.00 ට පිටත්ව මහනුවර වීදි සංචාරය කර සවස සංඝරාජ දහම් පාසල අසලින් ගෙවදී. සංඝරාජ පෙරහර ආරම්භ කිරීමට පළමුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් සංඝරාජ ගුණ සමරු උත්සවයක්ද උපෝසථාගාරය අසලදී පැවැත්වේ. සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ අනුශාසක මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, මහනුවර දිසාපති ගෝඨාභය ජයරත්න, නගරාධිපති ඇල්. බී. අලුවිහාරේ යන මහත්වරු ප්‍රධාන මධ්‍යම පළාත් සභාවේ සහ ගගවට කෝරලයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන්ද සහභාගි වෙනු ඇත.

මහනුවර, සෙංකඩගල, අම්පිටිය, තුම්පනේ, උඩපේරාදෙනිය, යටිනුවර, උඩුනුවර, හේවාහැට, හාරිස්පත්තුව යන ප්‍රදේශයන්හි දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුදින පනස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනමා සංඝ රාජ මාහිමිපාණන්ට පින් අනුමෝදන් කරනු ඇත.

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]