UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැකණදුරේ ශ්‍රී පේමානන්ද නාහිමි තෙමස් සමරුවට පින්කම්

අහංගම නාපිරිත්තාගොඩ ජයමහ විහාරය, නුගේගොඩ කන්දවත්තේ ශ්‍රී විජයවර්ධනාරාමය, බත්තරමුල්ල කොරාබේ ශ්‍රී විජය සුමනාරාමය, මාදිවෙල කේතුමතී විහාරය යන සිව්මහා විහාරයන්හි අධිපතිව වැඩ සිට අපවත්වී වදාළ වැලිගම කෝරළය ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක කැකණදුරේ ශ්‍රී පේමානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වී ජූලි 2 වනදාට තෙමසක් සපිරේ. ඒ නිමිත්තෙන් උන්වහන්සේගේ ගුණ සමරා බත්තරමුල්ල කොරාබේ ශ්‍රී විජය සුමනාරාමයේ දී ජූලි (2) දින සිට (5) වන දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට වර්තමාන සිව් මහා විහාරයන්හි අධිපතීත්වය දරන ශාස්ත්‍රවේදී වල්ගම සෝමාලෝක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දායක දායිකාවන් කටයුතු සංවිධානය කර ඇත.

ජූලි 2 වන දින රාත්‍රි 7.30 ට ධර්මදේශනාව ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති අමරපුර මහා සංඝසභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන් විසින්ද ජූලි 3 වන දින රාත්‍රි 7.30 ට ධර්මදේශනාව කෝට්ටේ නාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත හිමියන් විසින්ද ජූලි 4 වන දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවද ජූලි 5 වන දින දවල් අර්ධ ශතාධික මහා සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]