UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා උළෙල මැයි 08-11 දක්වා මාතර දී

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මැයි මස 08 වනදා සිට 11 වනදින දක්වා මාතර නගරයේ කොටුවේගොඩ, පරෙයිදුව, රන්දුපත ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේදී පැවැත්වේ.

උපසම්පදා මහෝත්සවය මැයි මස 08 වැනිදින ආරම්භ කෙරෙන අතර එදින ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ පරෙයිදුව, රන්දූපතට පිවිසෙන නව මගී පාලම විවෘත කිරීමද සිදුකෙරේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක්ද එහිදී රෝපණය කිරීමට නියමිතය. රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති සාහිත්‍යශූරී අත්තුඩාවේය ශ්‍රී රාහුල සියම් මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එදින පැවැත්වෙන උත්සවයේදී සමාජ, ආර්ථික, හා ශාසනික යන විවිධ සේවාවන්හි නිරත පැවිදි හා ගිහි උතුමන්ට ගෞරවනාම පිරිනැමිමද මාහිමියන් අතින් සිදු කෙරේ.

උපසම්පදා අපේක්ෂිත හිමිවරුන් උපසම්පදා ශීලයේ පිහිටුවීම මැයි මස 9 දා සිට 11 වැනිදා දක්වා සිදු කෙරේ. මෙම වසරේදී උපසම්පදාව ලැබීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කර ඒ සංඝ සභාවේ උපසම්පදා අපේක්ෂිත සාමණේර හිමිවරුන් සිය ආචාර්ය උපාධ්‍යාය හිමිවරුන් මගින් ලේඛකාධිකාරි පන්ථාරාම, පුරාණ විහාරය, පහළ පීක්වැල්ල, මාතර, යන ලිපිනයට ලියා දැන්වීමෙන් අයදුම්පත් ලබාගත හැකි බව ලේඛකාධිකාරි ගතාරේ ධම්මපාල අනුනාහිමියෝ දන්වා සිටිති.

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]