UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තිබ්බතයේ වෙඩි හඬ

අද දින අප ලිවීමට අදහස් කළ කාරණය බුදුසරණ පාඨකයන්ට එ තරම් අදාළ නැතැයි බැලූ බැල්මට පෙනෙන්නට ඉඩ තිබේ. එහෙත්, එය බුදුසරණට ඉතා අදාළ කාරණයක් බව පසු ව ඔබට වැටහෙනු ඇත. එ සේ වුව ද එම අවබෝධය ලැබීම සඳහා ඔබ සම්ප්‍රදායයෙන් මඳකට හෝ බැහැර විය යුතු ය.

අද අප ලියන්නේ මේ වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිත බීජිං ඔලිම්පික් උළෙල පිළිබඳ ව ය. වසර හතරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන කතා කිරීමෙන් අපට කුමන ප්‍රතිඵලයක් ලැබේ දැයි බුදුසරණ පාඨක සමූහයාගෙන් කොටසක් වන භික්‍ෂූන් වහන්සේ සිතන්නට පුළුවන. මන්ද යත් , උන්වහන්සේ ක්‍රීඩා පමණක් නොව තරකාරිත්වය ද බැහැර කැර සිටින බැවිනි. එහෙත්, සියලු මහද්වීප ඔස්සේ රැගෙන එන බීජිං ඔලිම්පික් ‘ ගිනිසිළුව‘ නිවා දමන්නට ලොව පුරා වෙසෙනා ටිබෙට් ජාතිකයන් ගන්නා උත්සාහය පිළිබඳ පුවත් රූපවාහිනී මාධ්‍යයෙන් නරඹා තිබේ නම් එ සේ නො සිතනු ඇත.

චීනයට එරෙහි මේ දේශපාලන විරෝධයන්ට නායකත්වය සපයනු ලබන්නේ, වසර පනහක් පුරා ඉන්දියාවේ ධර්මසාලා ප්‍රදේශයේ වෙසෙන තිබ්බතයේ අධ්‍යාත්මික නායක 14 වන දලයිලාමා තුමන් විසිනි. 1959 දී චීනයට එරෙහි ව ටිබෙට් ජාතිකයන් මෙහෙය වූ අසාර්ථක කැරැල්ල සැමරීමේ උත්සාහයක් ලෙස පසුගිය මාර්තු මාසයේ දී මේ උද්ඝෝෂණ රැල්ල ආරම්භ විය. ටිබෙටයේ අගනුවර වන ලාසා හි පැවැති විරෝධතා අතිශයින් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ය. එම විරෝධතා උත්සන්න වීමට, ‘චීනයේ මර්දනකාරී පාලනය නිසා දශක හයක් ම ටිබෙට් ජාතිකයන්ට නිරන්තර බියෙන් ජීවත්වීමට සිදු වූ බව දලයිලාමා තුමා කළ ප්‍රකාශය බොහෝ දුරට බලපා තිබේ.

කෙ සේ වුව ද ටිබෙටය චීනයේ පාලනයට නතු වූයේ 1720 වසරේ දී ය. ඉන්පසු 13 වන ලාමාතුමා 1912 දී එය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළ ද 1951 දී ටිබෙටය යළි චිනය යටතට පත් විය.

එ තරම් දීර්ඝ ඉතිහාසයක් සහිත ටිබෙට් ප්‍රශ්නය මෙ ලෙස හදිසි යේ කරළියට ඒමට හේතුව අන් කිසිවක් නො ව චීනයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල යි. එහෙත්, බීජිං ඔලිම්පික් උළෙලට එරෙහි පළමු වෙඩි මුරය එල්ල වූයේ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්‍ෂ ස්ටීවන් සිප්ලිබර්ග් ගෙනි.

බීජිං ඔලිම්පික් උළෙලේ කලා කටයුතු සඳහා ඇරැයුම් ලැබ සිටි ස්පිල්බර්ග් චීනයට විරෝධය පළ කිරීම සඳහා ඊට සහභාගි නො වන බව කීය. ඔහුගේ එම තීරණය නිර්ව්‍යාජ නම්, ඇමරිකාව විසින් කියුබාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් අනුගමනය කැරෙන ප්‍රතිපත්තියට කොපමණ විරෝධයක් පළ කළ යුතු ද?

දකුණු අපි‍්‍රකාවේ ඩෙස්මන් ටු ටූ පියතුමා ද පවසා ඇත්තේ චීනයට දක්වන විරෝධයක් වශයෙන් බීජිං ඔලිම්පික් උළෙල වර්ජනය කළ යුතු බව ය. මෙ සේ විරෝධය පළ කළ දලයිලාමා තුමා, ස්පිල්බර්ග් හෝ ඩෙස්මන් ටුටූ පියතුමා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අරමුණ පිළිබඳ ව නො දනීද? . ක්‍රීඩාව යනු සංස්කෘතික කාර්යයක්ය යන නූතන පිළිගැනිම පසෙක ලා ඉතා පටු මිනිසුන් සේ හැසිරෙන්නේ බටහිර බලවතුන් ගේ වුවමනාව නිසා නො වේ ද?

ඔලිම්පික් උළෙල ඉලක්ක කළ ටිබෙට් විරෝධතා වෙත අවධානය යොමු කිරීම වැදගත් වන්නේ, ඊට නායකත්වය සපයනුයේ දලයිලාමා තුමන් වන බැවිනි. බුද්ධ ශාසනයේ ජීවමාන නායකයා ලෙස බටහිර ලෝකය සලකන දලයිලාමා තුමන් ගේ දේශපාලන හැසිරීම බෞද්ධයන් වන අපට අහිතකර ලෙස බලපාන බව කිව යුතු නැත.

එම නිසා ඔලිම්පික් විරෝධය සමඟ බැඳී පවත්නා ආගමික දේශපාලනය අවබෝධ කැර ගැනිම අප සියලු දෙනා ගේ වගකීමකි.

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]