UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු - අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පූජෝත්සවය

මහනුවර මල්වතු අස්ගිරි මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පුණ්‍යේත්සවය වෙසක් පුර පසළොස්වක පෝදා සිට පොසොන් පුර පසළොස්වක පෝය දින දක්වා චාරිත්‍රානුකූලව සිදු කෙරේ.

සියම් මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ සහ සියම් මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වහන්සේ විසින් නිකුත් කර ඇති උපසම්පදා ප්‍රකාශයන්හි ඒ බව සඳහන් වේ. එම නිවේදනයන්ට අනුව පොහෝ දිනවල පෙරහර සහිතවද සෙසුදින වල පෙරහර රහිතව ද උපසම්පදාවන් සිදු කැරේ. මේ අනුව, මැයි 19 වැනි පුරපෝය දින (වෙසක්) මැයි 28 අව අටවක පෝය දින ජූනි 03 අමාවක දින, ජූනි 10 පුර අටවක පෝය දින සහ ජූනි 18 වෙනි පොසොන් පෝ දින උපසම්පදා පෙරහර සහිතව උපසම්පදා විනය කර්ම ඓතිහාසික මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මංගල උපෝෂථාගාරයන්හි මහානායක හිමිපාණන් වහන්සේලාගේ උපාධ්‍යායෙන් සිදු කෙරෙනු ඇත. මෙම පෝයදිනයන්හි උපසම්පදා අපේක්‍ෂක සාමණේර භික්‍ෂූන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේ සිට උපසම්පදා පෙරහරෙන් මල්වතු අස්ගිරි මහා විහාර කරා වැඩමවා ගෙන යනු ලබන අතර යථෝත්ත උපසම්පදා අපේක්‍ෂකයින් වාහල නාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම මංගල උපෝෂථගාරයන්හි සිදුකෙරේ. මෙම සාමණේර දහනම වෙනුවෙන් පැරැණි රජ සමයේ චාරිත්‍රයක් පරිදි අට පිරිකර පූජාවක් සිදු කරනු ලබන්නේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසිනි. උපසම්පදා මාසය තුළ උපසම්පදා පෙරහර පහක් මල්වතු මහා විහාරය වෙතත් පෙරහර පහක් අස්ගිරිය මහා විහාරය වෙතත් ගමන් කෙරේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමි, අනුනායක අඹන්වැල්ලේ පඤ්ඤාශේඛර, අනුනායක ශාස්ත්‍රපති නියංගොඩ විජිත සිරි නාහිමිවරුන් ප්‍රධාන උපාධ්‍යයන් වහන්සේලා සහ කර්මාචාර්ය වහන්සේලා විනය කර්ම කටයුතු වල මූලික වන අතර ලේඛකාධිකාරි පණ්ඩිත වල්ගොව්වාගොඩ විමලබුද්ධි නියෝජ්‍ය ලේඛකාධිකාරී උපාධ්‍යාය ශාස්ත්‍රවේදී දුඹුල් කුඹුරේ විමලධම්ම හිමිවරු ලේඛන කටයුතු භාරව සිටිති. අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් ප්‍රධාන අනුනායක මහියංගන රජ මහා විහාරාධිපති ගලගම ශ්‍රී අර්ථ දස්සි නාහිමි ප්‍රධාන උපාධ්‍යායය ණන් වහන්සේලා අස්ගිරි විහාරයේ උපසම්පදා විනය කර්ම කටයුතුවල නිරතවන අතර ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ආණමඩුවේ ධම්මදස්සි හිමි නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද හිමියෝ ලේඛන කටයුතු බාරව සිටිති. උපසම්පදා අපේක්‍ෂිත සාමණේර භික්‍ෂූන් වහන්සේට සිය උපසම්පදා විනය කර්ම සඳහා අවශ්‍ය ලියුම් කියුම් සහ උපදෙස් ඒ ඒ විහාරස්ථානයන්හි නායක ස්වාමීන් වහන්සේලාට මහා විහාරය මගින් කලින් නිවේදනය කර ඇත.

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]