UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඳුවප් පෝදා පින්කම්

කොම්පෙයාහේන

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේදී උඳුවප් පෝදා සීලභාවනා ධර්ම දේශනා, බුද්ධ වන්දනා හා බෝධි වන්දනා ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වේ.

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ දී උඳුවප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව විනයසාර හිමි, 8.00 - 9.00 දහම් දෙසුම වලානේ සුමන හිමි, 9.00 - 10.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම පුවක්දෙණියේ පඤ්ඤාවංශ හිමි, 10.15 - 11.15 දහම් දෙසුම කිරින්දේ චන්දානන්ද හිමි, 11.15 බුද්ධ පූජාව. පස්වරු 12.30 - 1.00 පිරිත් සජ්ජායනය, 1.00 - 1.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම සිල්වියා ගුණතිලක මෙනෙවිය, 2.00 - 3.00 දහම් දෙසුම බෝගමුවේ ධම්මික හිමි, 3.30 - 4.30 දහම් දෙසුම, තලල්ලේ ධම්මික හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලි පාර, සංඝමිත්තාරාමයේ භාවනා මධ්‍යස්ථානයේ උඳුවප් පුන් පොහෝ දින (2007. 12. 23) බෝගොඩ ඉන්ද්‍රවිමල හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් අලුයම 5.30 ට විශේෂ ක්ෂීරපායාස බුද්ධ පූජාවක් සහ පෙරවරු 6.30 සිට පස්වරු 5.30 දක්වා ශීල භාවනා වැඩ සටහනක් ද පැවැත් වේ. සවස 6.30 ට අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

කොළඹ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමුපකාර සමිතියෙන් පින්කම්

කොළඹ දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමුපකාර සමිතිය මෙහෙයවීමෙන් කහහේන සුසිරිවර්ධනාරාමයේ දී උඳුවප් පෝදා සවස 3.00 - 6.00 දක්වා ආගමික උත්සවයක් පැවැත් වේ.

කහහේනේ මේධානන්ද හිමියන් එහි දී අනුශාසනාවක් සිදු කරන අතර, “බුදු දහමයි - ආයුර්වේදයයි” මැයෙන් වෛද්‍යාචාරිනී අනුලා කොඩිකාර මහත්මිය විසින් දෙසුමක් පවත්වන්නීය. එහිදී දහම් පාසල් ගුරු භවතුන් සඳහා පරිත්‍යාග ලබා දීම ද සිදු කැරෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍යාචාර්ය එස්. ඒ. පියසේන මහතා කියයි.

වේරපිටිය

වේරපිටිය පුරාණ විහාරස්ථානයේ දී විහාරාධිපති වේරපිටියේ ශ්‍රී ඥානිස්සර හිමියන්ගේ මෙහෙයවීමෙන් දාන, ශීල, භාවනා, මල් පහන් පූජාවක් පෝදා පැවැත්වේ.

එදින රජයටත් රටටත් සෙත් පතා විශේෂ බෝධි පූජාවක්ද පැවැත් වේ.

චිත්තවිවේකාශ්‍රමයේ පින්කම්

බත්තරමුල්ල වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රමයේ දී උඳුවප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝ දින අලුයම 6.00 කිරි ආහාර පූජා පෙරහර, 6.15 - 7.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව විහාරාධිපති කැලෑගම්මන විමලරතන හිමි, 8.00 - 9.00 දහම් දෙසුම දොරොව්වේ ඤාණරතන හිමි, 9.00 - 10.00 ගිහි දෙසුම ශාස්ත්‍රපති ලසිත් නලන්ත මහතා, 10.00 - 11.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම පොල්ගහපිටියේ සුගතානන්ද හිමි සහ ආචාර්ය චන්දන ජයරත්න මහතා, 11.30 බුද්ධ පූජාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති හිමි.

පස්වරු 12.30 - 1.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, පිටකන්දේ මංගල හිමි, 2.00 - 3.00 දහම් දෙසුම මාවරලේ භද්දිය හිමි, 3.00 - 4.00 දහම් දෙසුම කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 4.00 - 5.00 දහම් දෙසුම, කැලෑගම්මන විමලරතන හිමි, 6.00 රණවිරුවන්ට සෙත් පැතීම හා රජයට ආශිර්වාද කිරීමේ බෝධිපූජාව හා සම්බුද්ධ පූජාව මෙහෙයවීම මුල්ගම විපුලසාර හිමි.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]