UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ කතරගම වාර්ෂික පින්කම

කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමය මූලස්ථානය කොටගත් ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ සිදුකරන වාර්ෂික පින්කම් මාලාවේ අවසාන පින්කම වන කතරගම පුණ්‍යානුමෝදනා මහා පිංකම 49 වැනි වරට 2007 දෙසැම්බර් මස 26, 27 දෙදින කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් සහ අෂ්ඨපල බෝධීන් වහන්සේ අබියසදී ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වේ.

එම පින්කම් සඳහා බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති නා හිමියන් ප්‍රධාන ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා සියයක් පමණ ද ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයද

රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ රුහුණු කතරගම මහාදේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර දේශ ප්‍රශාද දේශබන්ධු සොමිපාල ටී. රත්නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පද්මසිරි රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු සැදැහැවතුන් රැසක් සහභාගිවෙති. බෝධි පූජා පින්කම් පැවැත්වීමෙන් අනතුරුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව බෝධීන් වහන්සේ අබියස විශේෂ පිරිත් මංඩපයේදී පසුදා පහන්වනතුරු පැවැත්වේ.

දෙසැම්බර් මස 27 දින උදේ කිරිවෙහෙර චෛත්‍ය වෙතට පෙරහැරින් ගොස් මල්පහන් කිරි ආහාර පූජා කර ශ්‍රී ස්කන්ධ කුමාර කතරගම දෙවියන් ප්‍රධාන දේව සමූහයාට පින් අනුමෝදන් කර ලක්වැසි සියලු දෙනාට සෙත් පැතීම සිදු කැරේ.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]