UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිපා වන්දනා වාරය උඳුවප් පෝදා ඇරැඹේ

ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පෝදා ආරම්භ කැරේ. ශ්‍රී පාදස්ථානාධිපති, කිරිඇල්ලේ නැදුන් රජ මහා විහාරාධිපති හදපාන්ගොඩ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි එහි සමාරම්භක උත්සවය පැවැත්වේ.

සිරි පා වන්දනා වාරයේ සමාරම්භක උත්සවය දෙසැම්බර් 22 වනදා අළුයම පැල්මඩුල්ලේ ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරයේදී පැවැත්වෙන බව ශ්‍රී පාදස්ථානයේ භාරකාර දම්පහළ සීලානන්ද නාහිමියෝ පැවැසූහ. ඊට පෙර විශේෂ ගිලන්පස බුද්ධ පූජාවක් සහ පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේදී දෙසැම්බර් 21 වැනිදා සිදු කැරෙන බවද උන්වහන්සේ කීහ.

ශ්‍රී පාදස්ථානය වෙත සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහර 22 වනදා පෙරවරු 6.15 ට ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් ගමන් අරඹා රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේදී තේවාව පවත්වා කුරුවිට ඇහැලියගොඩ, අවිස්සාවේල්ල , කරවනැල්ල , කිතුල්ගල, ගිනිගත්හේන, හැටන් මස්කෙළිය පසුකර එදිනම රාත්‍රී නල්ලතන්නියේ ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානය වෙත ලඟා වීමට නියමිතය. එහිදී ආගමික වතාවත් සිදුකර සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමාව හා පූජා භාණ්ඩ රැගත් පෙරහර සිරිපා මළුව වෙත ගමන් ආරම්භ කැරේ.

උඳුවප් පෝදා අලුයම යෙදී ඇති සුබ නැකතින් සිරිපා පද්මය හා සමන් දේවාලය සුවඳ පැනින් දෝවනය කර මෙවර සිරිපා වාරය ආරම්භ කැරේ.

මේ අතර මෙම 31 වැනිදා වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් දේශනාව ජනාධිපතිතුමාටත්, රටටත්, ත්‍රිවිධ හමුදාවටත් දැයේ ප්‍රණාමය පුද කෙරෙමින් පැවැත්වෙන බවද සීලානන්ද නාහිමියෝ පැවැසූහ.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]