UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ බුද්ධ වර්ෂ 100 දී?

අපි සැවොම උගෙන ගෙන ඇති ඉතිහාසය සහ බෞද්ධ ඉතිහාසය අනුව, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ වළගම්බා රජු දවසය. ඒ ගැන කිසිදු වාදයක් නැත. නමුත් මෙම රජතුමා ජීවත්ව සිටිය කාලය හා සසඳන විට සම්මත වී ඇති ඉතිහාසය හා ගැටේ. ගැටුම විචාරයට හසු කළ යුතු ය. යමක් ඉදිරිපත් කිරීමේ දී එයට මූලාශ්‍ර ඉදිරිපත් කිරීම විද්වත් ලෝකයා පිළිගත් ක්‍රමයි. අප ද එම ක්‍රමය අනුගමනය කරමු. සමන්තපාසාදිකා විනයට්ඨකථාව අනුව මිහිඳුහිමියන් මෙරටට පැමිණියේ කවදාද යන්න පැහැදිලිව සටහන් වී නැත. එය අපේ රටේ ජීවත් වූ උගතුන් විසින් ක්‍රි.පූ. 277 ලෙස සඳහන් කර ඇත. සමන්තපාසාදිකාව අනුව අශෝක රජතුමා බුදු වසින් 218 දී අභිෂේක කර ඇත. ඔහුගේ පුත් මිහිඳු හිමියන් ය. එය එසේම සඳහන් වන විට “බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් දෙසිය තිස්ය වන වසරෙහි පොසොන් පුන් පොහොය දින මිහිඳු මාහිමියෝ ඉට්ඨියාදී මහ රහතන් වහන්සේලා සමඟ ලක්දිවට වැඩි සේක. අජාසත් රජු පරලෝකප්‍රාප්තව වසර අටකි. එදවස පොසොන් පෝ දිනය මුල නක්‍ෂිස්ත්‍ර නම් උත්සව දිනයකි. රටවාසීන්ට නැකත් ක්‍රීඩා පැවැත්වීමට නියම කර රජු හතළිස් දහසක් පිරිවර සමඟ මුවන් දඩයම් ක්‍රීඩාව සඳහා පිටත් විය..” මේ සමන්තපාසාදිකාවේ සිංහල පරිවර්තනයයි. මේ අනුව අජාසත් රජ මියගොස් වසර අටකට පසුව මිහිඳු හිමියන් මෙරටට වැඩිය බව සමන්තපාසාදිකාවේම සඳහන් ය. අජාසත්ත රජතුමා බිම්බිසාර රජතුමාගේ පුත්‍රයෙකු ලෙස අපි ඉගෙන ගෙන ඇත්තෙමු. දෙවිදත්තරගේ ද මිත්‍රයෙක් වූ අජාසත්ත ජීවත් වූයේ බුදුරදුන් ජීවමානව සිටිය දීමය. ගෞතම බුදුරදුන් සාමඤඤඵල සූත්‍රය දේශනා කළේ අජාසත් රජුට ය. මෙම පුවත සමන්තපාසාදිකාවේම සඳහන් වී ඇති අතර අජාසත් රජු මියගොස් වසර අටකට පසුව මිහිඳු හිමියන් මෙරටට පැමිණි බවද සමන්තපාසාදිකාවේ ම සඳහන් වී ඇත.

ඒ අනුව විමසා බලන විට බුදුරදුන් පිරිනිවී වසර 100 ක් තුළම ත්‍රිපිටකය මෙරටට පැමිණ ඇත. වංශකථා අටුවා කතා පොතේ ඇති අනුපිළිවෙලටම කියවා යනවිට කිසිඳු ගැටලුවක් නැත. එය විමසුමට ලක්කළ විට විවිධ ගැටලු ඇති වේ. දැන් මිහිඳු හිමි ලක්දිවට ආවේ බුදුරදුන් පිරිනිවී වසර සියයක් තුළදී වසර 236 ට පසුව ද යන්ට ගැටලුවකි. නමුත් ඉන්දියාවේ රාජපරපුර විමසා බලන විට මෙම තොරතුරු අපිට දැක ගත හැක. සුද්ධෝදන රජතුමා (සිදුහත් කුමරුගේ පියතුමා) ධෝතෝදන, සුක්කෝධන, අමිතෝධන, බෝධිස, බිම්බිසාර, අජාසත්ථු, උදය, කාලාසෝක, නාගදාස, සුසුනාග, චන්ද්‍ර ගුප්ත, බිංදුසාර, ධර්මාශෝක මෙම රජුගේ පුත්‍රයා මිහිඳු හිමියන් ය. අජාසත්ත රජු මියගොස් වසර අටකදී මිහිඳුහිමියන් මෙරටට පැමිණියානම් ඉන්දියාවේ රජතුමා උදය රජතුමා ය. උදය රජතුමාට රජවරු හයකට පසුව රජවී ඇත්තේ ධර්මාශෝක රජතුමා ය. ඒ අනුව බලන විට මිහිඳු හිමියන් අශෝක රජතුමාගේ පුත්‍රයෙකු නොවේ. ඉන්දීය ඉතිහාසඥයකු පවසා ඇත්තේ මිහිඳුහිමි හෙවත් මහේන්ද්‍ර කුමරු අශෝකගේ සොහොයුරකු බවයි. මෙම ගැටලු පිළිබඳ කිසිඳු සටහනක් නොකරමින් අප විසින් 2006 වසරේ ප්‍රකාශ කළේ ලංකාවේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ක්‍රි.පූ. 450 දී යන්නයි. මාගේ මේ ප්‍රකාශයට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විවිද්‍යලයෙන් යහපත් ප්‍රතිචාර ලැබිණි. මෙම ප්‍රකාශය ඇතුළත් ග්‍රන්ථය ‘සත්’ නමින් ලංකාවේ සියලූම විශ්වවිද්‍යාලයන්හි පුස්තකාලවලදී ඕනෑම අයෙකුට දැක බලාගත හැක. එහි 109 පිට සිට 114 දක්වා ඇත්තේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ විස්තරයන් ය. ත්‍රිපිටකය යනු කුමක්ද යන්න වටහා ගැනීමට නම් ත්‍රිපිටකය කියවිය යුතුමය. ත්‍රිපිටකය නොකියවා එහි ඇතිදේ ගැන කථා කළ නොහැක. අටුවාද එසේමය. සමහර අටුවා කථා කියවිය යුත්තේ තනිවමය. ඒවා විග්‍රහ කර දැක්වීමට අපට ද බුදුසරණ පුවත් පතෙන් නොහැක. මේවා මොනවාද යන්න අපෙන් නැවත අසන බැවින් සියල්ලෝම දන්නා වූ වසල සූත්‍රයේ එක ගාථාවක් පමණක් මෙහිදී ඉදිරිපත් කරනුයේ අප මේවා දන්නා බව කීමට පමණි.

“ සො ඤාතීනං සංඛානං වා - දා රෙසු පති දිස්සති, සහසා සමපියෙන වා - තං ජඤඤා වසලො ඉති”

වසල සූත්‍රය මෙසේ කියන විට පරාභව සූත්‍රයෙහි මෙසේ දැක්වේ.

“ සෙහි දා රෙහි සන්තුටෙඨා - වෙසියානු පදිස්සති දිස්සති පරදාරෙසු - තං පරාභවතො මුඛං”

අටුවා කථා විමසා බලන විට හමුවන තොරතුරු අනුව කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා බිසව පිළිබඳව ද අපූරු කථා ඇත. මෙයට අමතරව චුල්ලමාගන්දියා ජාතික අටුවාව ද එසේම තොරතුරු තිබෙන තැනකි. තවත් අටුවා කථාවක විශාඛා සිටුකුමරිය මඟින් බුදුරදුන් යම් භික්‍ෂුවකගේ යම් ක්‍රියාවක් සඳහා ප්‍රති උපකාරයක් කර වූ එක් සිද්ධියක් ද වේ. අප එම කථා නොලියමු. අටුවා සියල්ලම බුදුදහම නොවේ.අටුවා කථා අනුව වෙස්සන්තර ජාතකයට ගාථා 1000 ක් තිබී ඇත. එම ගාථා 1000 ම කියා ධර්මය දෙසූ මහා ජාතක භාණක භික්‍ෂුව පිළිබඳව සඳහන් වන අතර අද එම ගාථා 1000 නැත. (මනෝරථපූර්ණී ඪඪ249 පිට) තිබෙන්නේ ගාථා 724 ක් පමණි. ඒ අනුව ගාථා 276 ක් 1900 න් පසුව මුද්‍රණය වූ කෘතිවලින් ඉවත් වී ඇත. ත්‍රිපිටකය අනුව ලංකාවට බුදුදහම රැගෙන ආවේ අසූමහා ශ්‍රාවක පුණ්ණහිමියන් ය. නමුත් පුණ්ණහිමි ලංකාවට ආ බව නූතන ග්‍රන්ථවල නැත. 1882 දී මුද්‍රණය කර ඇති එක ටීකාවක පමණක් පුණ්ණ හිමියන් ලක්දිවට පිරිසුදු බුදුදහම රැගෙන ආ බව සඳහන් වී ඇත. එම ටීකාව කියවූ එකදු අයෙකුවත් අපට විශ්වවිද්‍යාලයන්හි සේවයේ යෙදෙන අය අතර හමු වී නැත. මම පෞද්ගලිකව ලංකාවේ උගත් පඬිවරුන්ගෙන් මේ පිළිබඳව විමසා ඇත. නමුත් ඔවුන් මා මතක් කරදීමෙන් එම ග්‍රන්ථය කියවා බලා නිහඬව සිටියේ එම සත්‍යය එයම නිසාය. මහාවංස අනුව දුටුගැමුණු කුමරු මහියංගණය සටන දිනුවේ යුද්ධයක් කර නොව තම මෑණියන් වූ විහාරමහාදේවිය දෙමළෙකුට කසාද බන්දවා දෙන පොරොන්දුව මතය. මෙය නොදන්නා ඉතිහාසඥයන්ට සහ අනෙකුත් පාඨකයාට දැන ගැනීම සඳහා එම පාලි පාඨය මෙසේ ලියා තැබීමට අදහස් කළෙමු.

“මාතරං දස්සයිත්වාන තෙන ලෙසෙන අග්ගහි තතො ඔරුය්හ දමිළෙ සත්තරාජෙ මහබ්බලෙ”

මහාවංසයට ලියන ලද ටීකාව වූ වංසකථප්පකාසිනී ග්‍රන්ථයේ ද මෙය දීර්ඝ ලෙස විස්තර කර ඇත. මහාවංසය ලිවීමට පෙර මෙරට තිබුණු අට්ඨකථා ප්‍රමාණය සියගණනකි. මේ අතර දුර්ලභම කෘතියක් ලීනතථප්පකාසිනිය ලෙස සඳහන් වේ. මෙය බුද්ධ අට්ඨකථාව ලෙස ද සඳහන් ය. බුදුරදුන් දෙසූ අභිධර්මයට ලියූ ටීකාව අභිධම්මමානිකාට්ඨකථාවයි. මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ චොලිය කස්සප හිමියන් මොහවිච්ඡේදනිය යන නමිනි. මෙම ග්‍රන්ථ ගිණිතබා විනාශ කළ අතර ත්‍රිපිටකය ද ගිණිතබා විනාශ කර ලංකාවේ එක ග්‍රන්ථයක්වත් ඉතිරි නොවුණු බැවින් ලංකාවට නැවත ත්‍රිපිටකය රැගෙන ආවේ බුරුමය, සියම් යන රටවලින් ය. සීහළත්ථවණ්නනා යනු සිහළට්ඨකථාවට ම කියන ලද අපර නාමයකි. ලංකාවේ සත්‍ය වූ ඉතිහාසය ලියැවී තිබුණේ මෙම ග්‍රන්ථයේ ය. එය අද අපිට දැක ගැනීමට නොමැත. දිසනිකාය ටීකා ලීනත්ථප්පකාසිනිය වැනි ටීකා එකතුවක් විනය විනිශ්චය ටීකා, මහාවංස ටීකා යන ග්‍රන්ථ විවරණය කර ලියන ලද පඤ්චිකාටීකා කච්චායන වණ්ණනාටීකා වුත්තොදයටීකා සුබෝධාලංකාර ටීකා යනු දැන් නාම පමණක් ඉතිරි වී ඇති ටීකා ලෙස සැළකිය හැක. විනය ටීකා, සත්‍ර ටීකා, අභිධර්ම ටීකා, ප්‍රකරණ ටීකා ලෙස ටීකාවර්ග සතරක් ද එකළ පැවති බව මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත. සමන්තපාසාදිකාවට ලියූ ටීකාව විමතිවිනෝදනී වන අතර වත් එයට ම ලියූ ටීකාවක් නම් සාරත්ථදීපනියයි. දැන් මුද්‍රණයෙන් ද දැකීමට ලැබෙන කංඛාවතරණී පාතිමෝක්ඛ අට්ඨකථාවට ලියන ලද ටීකාව විනයත්ථමඤ්ජුසා ලෙස සඳහන් ය. ටීකාවන් නොකියා වූ උදවියට කියවීමට ම වැදගත් ටීකාවයි විනයත්ථ මඤ්ජුසාව

සුමංගල විලාසිනිය නම් වූ දීඝ නිකායට ලියූ ටීකාව පඨමසාරත්ථ මඤ්ජුසාව ලෙස නම් වී ඇත. බුදුරදුන් දීඝවාපියේ දී තප්සුට තපස්සු සූත්‍රය සහ භල්ලුකට භල්ලුක සූත්‍රය දෙසූ බව දැක්වෙන්නේ දූතියසාරත්ථ මඤ්ජසාවෙයි. නමුත් මෙය පසුව පපංචසුදනී ලෙස නාමය වෙනස් කර මජ්ඣිම ඬකායට ලියූ ටීකාව ලෙස සඳහන් වී ඇති අතර, ගෞතම බුදුරදුන් දීඝවාපියේ දී තමාගේ ම නෑදෑයින් වන ශාක්‍යවංශකයින් විසින් කරවන ලද ශාක්‍යවංශ විහාරයේ වැඩ සිටිය බව එහි සඳහන් ය. මෙය සෙල්ලිපිය මඟින් ද මනාව තහවුරු වේ. නමුත් අද ලංකාවේ කිසිවකු ශාක්‍යවංශික විහාරය යන නාමය ද අසා නැත. දැන් මෙම ස්ථානයට කලිඕඩය ගල්ඕඩය ලෙස ද අසල ඇති කන්දට මුල්ලිකොඩුළුමෛලෙයි ලෙසද කියති. මෙහි ඇති සෙල්ලිපියක “ශකියවශවිහර” යන්න සඳහන් වේ. එහිම “ගපති පුත තිශ පුතන දො බතිකන ලෙණෙ ගොතම ශමෙණෙනම ‘කරපිතෙ’ යන සෙල්ලිපිය ද ඇත. මෙම ලිපිය ප්‍රකාශතිය. නමුත් මෙම ලිපිය ලංකාවේ කිසිවකුගේ අවධානයට යොමු වී නැත. මෙම විහාරයේ දී චුල්ලනාග හිමියන් ගාථා 1000 ක් තිබුණු වෙස්සන්තර ජාතකය කියූ බව අප ඉහත සඳහන් කළෙමු.

අංගුත්තර නිකායට ලියූ ටීකාව මනොරථපූර්ණීය වූ අතර මෙහි අපූරු කථා දැක්ක හැක. සමනල කන්ද මුදණෙ තිබුණු පාද චෛත්‍යය (ආකාශ චෛත්‍යය) ට දීඝජන්තු යෝදයා රතුපාට වස්ත්‍රයක් පූජා කළ බවත් (මනෝරථපූර්ණී ඪඪ 228 පිට) වෙශමුණි රජතුමා බුදුරදුන්ගේ ඉතා සමීප මිතුරෙකු බවත් ජාතක අට්ඨකථාවේ දැක්වේ. (ජා.අ.ඪ 328 පිට) ආටානාටිය සූත්‍රයේ දී අපි එළවන යක්කු මෙහි සඳහන් වන වෙශමුණි රජතුමා ය.

“යක්ඛානං ආධිපති කුවෙරා ඉති නාම සො රමතී නච්චගීතෙහි යක්ඛෙහි පුරක්ඛතොපුත්තාපි තස්ස බහවො එකනාමාති මෙසූතං අසීතං දස එකොච ඉන්දනාමා මහබ්බලා” යක්‍ෂයින්ට අධිපති වූ වෙශමුණි රජතුමාගේ ඇමැති වූ අවුරුද්ද පිළිබඳව දීර්ඝවිස්තරයක් ධම්මපධට්ඨ කථාවේ දීඝායු කුමර වත්ථුවේ (338, 339 පිටු) සඳහන් වන අතර, මෙහි සඳහන් වෙශමුණු මහරජතුමාගේ පුත්‍රයින් 91 දෙනාගෙන් (ආටානාටිය 17) එක් අයෙකු වූ බරණ සහ අවුරුද්දගේ පුත්‍රයා වූ දේව යන දෙදෙනා විසින් ගල්ලෙනක් කරවා මහා සංඝයාට පූජා කර ඇත්තේ මිහින්තලයේ සහ සිතුල්පව්වේදී ය. එම ලිපිය පහත ඉදිරිපත් කැරේ.

“පරුමක, වෙශමණ, පුත, බරණිය, ලෙණෙ, දෙවඟ, ච, චතුදිශ, ශගශ”

“ගපති, අවිරද, පුත, පරුමක, දෙවහ, ලෙණෙ” (ධ්.ඛ්.ව්ර්‍ණ. 09) (ධ්.ඛ්.ව්ර්‍ණ. 630)

පරුමක, වෙශමණ, පුත, පරුමක, බරණි, ච, පරුමක, අවිරද, පුත, පරුමක, දෙවහ, ලෙණෙ, අගත, අනගත, චතුදිශ, ශගශ (මෙම ලිපිය ප්‍රකාශ වී නැත. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වතුර ග්‍රාමය අසල දේවතැන්න නැමැති ස්ථානයේ ගුවන් රථ ලාංඡනයක් සමඟ මෙම ලිපිය කොටා තිබෙන අයුරු එහි ගිය විට දැකගත හැක)

ආටානාටියේ සඳහන් වන කුවේර රජතුමා විසින් කරවූ ලෙන් ලිපි සහ ;වශමුණි රජතුමාගේ පුත්‍රයින් අතර අශ්වින් කර වූ ලෙන් ලිපි පිහිටා තිබෙන්නේ කුරුන්දි අට්ඨකථාවල ලියූ ප්‍රදේශයට අයත් වන නූතන ඵරුපොතාන සහ පෙරියපුලියන්කුලම්වලය.

“පරුමක, කිවිරඟ, ශිව, පුත, අබයශ, ලෙණෙ, ශගශ, නියතෙ” (මෙහි කොටසක් ධ්.ඛ්.ව්ර්‍ණ 333යටතේ දැක ගත හැක)සීහල මාතිකාට්ඨකථාව ද කුරුන්දාසෝකව විහාරයේ දී ලියන ලද ටීකාවක් ලෙස සඳහන් ය. පඤ්චප්පකරණය, පරමත්ථමඤ්ජුසාව, විභංගප්පකරණය, පරමත්ථවිනිච්ඡයටීකා, මුලසික්ඛා අභිනව ටීකා, අභිධම්මත්ථ විකාසිනී, සච්චසංඛෙපටීකා, පෝරාණ මහාස්සයටීකා, සුමංගලපාසාදිනී ටීකා, විනය විනිච්ඡයටීකා, ඛෙමප්පකරණටීකා, නාමරූප පරිච්ඡේදටීකා, ග්‍රන්ථාභරණ ටීකා, රූපසිද්ධිටීකා, කච්චායන න්‍යාසටීකා, බලාවතාර ටීකා, මෙම ටීකාවේ දී දැක්වෙන්නේ ගෞතම බුදුරදුන්ගේ පිරිසුදු බුදුදහම ලංකාවට රැගෙන ආවේ පුණ්ණහිමියන් විසින් බවයි. මෙම පුණ්ණහිමියන් අසූමහා ශ්‍රාවක නාම ලේඛනයේ දී 8 වන ස්ථානයට සඳහන් ය. මෙම පුණ්ණහිමියන් මහණවීමට පෙර වෙළෙන්දෙකි. ඔහු ලක්දිවට (රත්නදීපය) පැමිණ මුතු, මැණික්, ඇත්දළ රැගෙන ලෝක වෙළෙඳාමට රැගෙන ගොස් ඇත. සිදුහත් කුමරු බුදුවීමෙන් පසුව මෙම වෙළෙඳ පුණ්ණ එම නමින්ම පැවිදි බිමට ඇතුළත් විය. ඔහුගේ සොහොයුරු භවිල රත්නදීපට පැමිණි වෙළෙඳාමට රත්හඳුන් (සඳුන්) ලී කැපීමේ දී, රුහුණේ ගාමිණී රජුගේ මුරකරුට අසු වී සිටියදී මොහුව බේරා ගැනීමට ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුණ්ණ හිමියන් ගාමිණී රජතුමාට කරුණු පහදා දීමෙන් පසුව සඳුන් දර නැවක්ම කපාගෙන ගොස් ඉන්දියාවේ සුප්පාරක වරාය අසල ගඳකිළියක් කරවා ගෞතම බුදුරදුන්ට පූජා කළේ ය. මෙයින් අනතුරුව බුදුරදුන් නර්මදා නදී තීරයේ සිරිපතුල් ලාංඡනයක් පිහිටුවා නෞකාවකින් රුහුණේ සිතුල්පව්වට වැඩම කළහ. එය සිහිවීම පිණිස මෙහි සෙල්ලිප්යක් පිහිටුවා ඇත.

“ බමණ, මිශ, කුට ගොතමශමෙණෙ, අගත, අනගත, චතුදිශ, ශගශ නැව් ලාංඡනය” මෙහින් පසුව පුණ්ණ හිමියන් සහ සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයෙක් වූ සංඝරක්ඛිත හිමියන් යන යන දෙපොළ සද්ධිවිහාරිකව වැඩ විසූ ගල්ලෙන් විහාරයේ පිහිටවන ලද ලෙන්ලිපිය අද දිනද සුරැකිව තිබේ.

“පුණ, තෙරහ, ශදිවිහරිය, බත, ශගරකිතහ ලෙණෙ, ශගශ” I.C.NO 668 –B

මතු සම්බන්ධයි

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]