UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලි භාෂාව ඉගෙන ගනිමු

සංඛ්‍යා භේදය හා උක්ත ආඛ්‍යාත සම්බන්ධය

පාලි භාෂාවේ ද, නාම පද මෙන්ම ක්‍රියා පද ද -’ඒක වචන’ හා ‘බහු වචන’ යැයි කොටස් දෙකකට බෙදෙයි.
එක් දෙයක් හෝ එක් අයකු හෝ හඳුනා ගැනීමට යෙදෙන පද ‘ඒක වචන නාම පද’ නමින් ද, එකකට වැඩියක් හෝ එක් අයකුට වැඩි දෙනකු හෝ අඟවන පද ‘බහු වචන නාම පද’ නමින් ද හැඳීන්වෙයි. ශබ්ද ප්‍රකෘතියකට ප්‍රත්‍යයක් එකතුවීමෙන් සෑදෙන පද නාම පද නම් වෙයි. ක්‍රියා පදයක මුල් රූපයට හෙවත් ධාතු ප්‍රකෘතියකට ප්‍රත්‍යයක් එක්වීමෙන් සෑදෙන පද ක්‍රියා පද නම් වෙයි.
යම් අප්‍රාණික හෝ සප්‍රාණික හෝ ඒක වදන නාම පදයක් උක්තය වශයෙන් සිටි කල, ආඛ්‍යාතය ද ඒක වචන ගනී. එසේ ම උක්තය බහු වචන නම් අප්‍රාණික සප්‍රාණික බව නො සලකා ආඛ්‍යාතය බහු වචනයෙන් තැබීම පාලි භාෂාවේ නියමයයි.
උදාහරණ :-
ඵලං පතති. (ගෙඩිය වැටේ.)
ඵලානි පතන්ති. ( ගෙඩි වැටෙති.)
කුසුමං විකසති. (මල පිපේ.)
කුසුමානි විකසන්ති. (මල් පිපෙති.)
නාම පදයක මුල් ස්වරූපය ශබ්ද ප්‍රකෘතිය නමින් ද, ක්‍රියා පදයක මුල් ස්වරූපය ධාතු ප්‍රකෘතිය නමින් ද හැඳින්වෙයි. ශබ්ද ප්‍රකෘතියකට ප්‍රත්‍යයක් එකතුවීමෙන් නාම පදයක් සෑදෙයි. ධාතු ප්‍රකෘතියකට ප්‍රත්‍යයක් එකතුවීමෙන් ක්‍රියා පදයක් සෑදෙයි. අවසාන ක්‍රියා අර්ථයක් ප්‍රකාශ කරන ක්‍රියා පද ‘ආඛ්‍යාත” නම් වෙයි.

උදාහරණ:-
ශබ්ද ප්‍රකෘතිය ප්‍රත්‍යය නාම පදය
සකුණ ආ සකුණා (පක්ෂීහු)
වන ආනි වනානි (වනාන්තර)
බිළාල ඕ බිළාලෝ (බළලා)
බිළාල ඊ බිළාලී (බැළලී)
සුනඛ ඊ සුනඛී (බැල්ල)
දෝණ ඉ දෝණි (ඔරුව)
නන්ද ඉ නන්දි (තණ්හාව)
කුක්කුට ඊ කක්කුටී (කිකිළි)
වානර ඊ වානරී (වැඳිරි)
මිග ඊ මිගී (මුව දෙන)
ගංගා නං ගංගානං (ගඟ)
රත්ති යා රත්තියා (රාත්‍රිය)
ධාතු ප්‍රකෘතිය ප්‍රත්‍යය ක්‍රියා පදය
ධාව ති ධාවති
හස න්ති හසන්ති
පච ති පචති
ධාව ආම ධාවාම

කර්තෘ කාරක වාක්‍යයක උක්තය පඨමා විභක්තියෙන් ද, කර්ම පදය දූතියා විභක්තියෙන් ද යෙදිය යුතු ය.

උදාහරණ:-
පඨමා විභක්ති දූතියා විභක්ති ආඛ්‍යාතය
දාරිකා කුසුමං ඕචිනාති.
දාරිකායො කුසුමානි ඕචිනන්ති.
කස්සකො ඛෙත්තං කසති.
කස්සකා ඛෙත්තං කසන්ති.
වානරො ඵලං ඛාදති.
වානරා ඵලානි ඛාදන්ති.
බිළාලො මූසිකං ඛාදති.
ළාල මූසිකේ ඛාදන්ති.
බාලිකා ගීතං ගායති.
බාලිකායො ගීතානි ගායන්ති.
සුනඛො චොරං භුස්සති.
පදුමානි මකරන්දං වහන්ති.
අපි මෙතෙක් උගත් පාලි පාඩම් ආධාර කර ගනිමින් සරල පාලි ගාථාවක අරුත විමසා බලමු.
“වණ්ණ ගන්ධ ගුණෝපේතං
ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුණින්දස්ස
සිරීපාද සරෝරුහෙ”
අන්වය:- වණ්ණ ගන්ධ ගුණ උපේතං, ඒතං කුසුම සන්තතිං, මුණින් දස්ස සිරීපාද සරෝරුහේ පූජයාමි.
උපේතං - උපලක්ෂිත වූ, යුක්ත වූ
ඒතං කුසුම සන්තතිං - මේ මල් සමුහය
මුණින් දස්ස - බුදුරජාණන් වහන්සේගේ
සිරීපාද සරෝරුහේ - ශ්‍රී පාද නමැති නෙළුම් මලෙහි (පාද පද්මයෙහි)
අදහස - පාට සුවඳ යන ගුණයන්ගෙන් යුක්ත වූ මේ මල් සමුහය බුදු හිමියන්ගේ ශ්‍රී පද පද්මයෙහි පූජා කරමි.

ඉල්
පුර අටවක

 
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]