UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

එක්සත් ජාතීන්ගේ 62 වැනි සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගිය අවස්ථාව, විහාරාධිපති වල්පොල පියනන්ද නා හිමියන් ඇතුළු මහ සඟරුවන මෙහි වෙති.
සේයාරුව - සුදත් සිල්වා

අනුරාධපුරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඉදිකරන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි දකුණු පසින් දිස්වේ. එහිදී පැවැති ආගමික වතාවත් සඳහා සහභාගි වූ අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි පෙ‍්‍ර්මලාල් දිසානායක යන මහත්වරු ද, මැති ඇමැතිවරු හා පළාත් අමාත්‍යවරුද වම්පස සේයාරුවෙන් දැක්වේ.
ඡායාරූපය - වෝල්ටර් දයාරත්න, අනුරාධපුර දිසා විශේෂ

දෙහිඅත්තකණ්ඩිය අධිකරණයේ පැවැති නඩු තීන්දුවක් මත රාජසන්තක වූ මිලකළ නොහැකි කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක් සමඟ ගජමුතු දහඅටක් ඉකුත් සෙනසුරාදා පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කිරීමේ උළෙලක් පැවැත්විණි. දෙහිඅත්තකණ්ඩියේ අධිකරණයේ රෙජිස්ට්‍රාර් මානෙල් ස්වර්ණලතා මහත්මිය විසින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට කිරිගරුඬ හා ගජමුතු භාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය - ශාන්ත රඹුක්වැල්ල මහනුවර

සබරගමුව මහ සමන් දේවාලයේ ආලෝක පූජාව හයවැනි වරටත් ස්වදේශී කර්මාන්තායතනය අනුග්‍රහයෙන් පසුගියදා පැවැත්විණි. සමන් දේවාලය ආලෝකවත් කළ අවස්ථාවට සහභාගි වූ ස්වදේශි ආයතනයේ සභාපතිනි අමරි විජේවර්ධන මහත්මිය ද, ස්වදේශි සමාගමේ වෙළඳ කළමනාකරු චමින්ද එස්. ජයසිංහ ආරච්චි (වමේ) හා සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහත්වරු ද ඡායාරූපයේ වෙති.

 

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]