UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බෞද්ධ විරෝධතා

බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ වත්මන් සමාජයීය කාර්යභාරය පිළිබඳ ව බොහෝ විවාද පවතී. පසුගිය මහ මැතිවරණයේ දී ජාතික හෙළ උරුමය නියෝජිතයන් ලෙස භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමග ම එම විවාදය තවත් දිසාවකට යොමු විය. එ සේ වුව ද බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ කැරලිකාර දේශපාලනය ශ්‍රී ලාංකිකයන්ට නුපුරුදු අත්දැකීමක් නො වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි ව දහනව වන සියවසේ දී මතු වූ කරුලිවල නායකත්වය දැරූ භික්ෂූන් වහන්සේ පිළිබඳ ව බොහෝ දේ ලියැවී ඇත. ලෞකික බලාපොරොත්තු ඉවත ලා සසුන්ගත වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙ සේ කැරැලිකාර දේශපාලනයට නැඹුරුවීම අප ගේ විශේෂ අවධානයට යොමු විය යුතු කරුණකි.

එ බඳු දේශපාලනික නැඹුරුවකට මූලික හේතුව වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සුවිශේෂී බුද්ධිමතුන් පිරිසක් වීම ය. අතීත ශ්‍රී ලාංකිකයන් ගේ බුද්ධිමය දේපළ හිමි සමාජ තීරුව නිර්මාණය කළ පන්සල නමැති අධ්‍යාපන ආයතනය ගැන අවබෝධයක් ඇති කිසිවකුට මෙය අමුතුවෙන් කිව යුතු නැත.

සමස්ත ජනගහනයෙන් සියයට අසූනවයක් බෞද්ධයන් වන මියන්මාර් දේශයේ (බුරුමය) භික්ෂූ විරෝධතා කෙරෙහි අවධාන යොමු කැරීමේ දී ශ්‍රී ලාංකික භික්ෂූ දේශපාලනය පිළිබඳ අවබෝධය ද ඉතා වැදගත් ය. මියන්මාරයේ භික්ෂූ විරෝධතා ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ භික්ෂූ දේශපාලනය අතර ඍජු සබඳතාවක් නොමැත. එහෙත්, මියන්මාරයේ දේශපාලන නැඟිටීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් දේශපාලන සිද්ධියක් බව කිව යුතු නැත. එ පමණක් නො ව, රාමඤ්ඤ නිකායෙහි ආරම්භය සිදු වූ බුරුම දේශය සමඟ පවත්නා ශාසනික සම්බන්ධය ද මෙහි දී සිහිපත් කළ යුතු යැයි සිතමු.

වසර හතළිස් පහක් පුරා හමුදා පාලනයක් පවතින මියන්මාරයේ භික්ෂූ විරෝධතා මතුවීම එ රට දේශපාලනයේ කොටසක් වැනි ය. එ සේ 1988 වසරේ පැවැති විරෝධතා ව්‍යාපාරය මර්දනය කැරීම සඳහා භික්ෂූන් වහන්සේ ඇතුළු තුන් දහසක් පමණ ඝාතනය කළ බව පැවැසේ.

ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීම හා රජයේ මර්දනකාරී පිළිවෙත නිසා මියන්මාර් භික්‍ෂූන් වහන්සේ සැප්තැම්බර් මස 15 වන දා සිට වීදි බැසීමට තීරණය කළ හ. මේ උද්ඝෝෂකයන්ට හමුදාව කළ වෙඩි තැබීම් නිසා ජපන් ජාතික මාධ්‍යවේදියකු වන කෙන්ජි නගායි ඇතුළු නව දෙනකු ගේ ජීවිත අහිමි විය. ඊට භික්‍ෂූන් වහන්සේ තෙනමක් ද අයත් වෙති. එ රට ආගමික කටයුතු ඇමැති බ්‍රිගේඩියර් ජෙනරාල් තුරා - මියන්ට් - මෝන් ප්‍රකාශ කැර ඇත්තේ, බෞද්ධ ඉගැන්වීම් වලට හටහැනිව කටයුතු කැරෙන භික්‍ෂූන් වහන්සේ ට එරෙහි ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ ගේ මේ විරෝධතාවන් දේශපාලන සටන් පාඨ වලින් තොර ය. සාමය, දයාව හා කරුණාව ඉස්මතු වන බෞද්ධ ඉගැන්වීම් පමණක් එහි දී සජ්ජායනා කැරේ.

භික්ෂූන් වහන්සේ මේ විරෝධතාවන් හි පෙරමුණූ ගෙන සිටිය ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුං සාං සුකී ඊට නායකත්වය සපයන බව කිව යුතු ය. බුරුමයේ ජාතික වීරයකු ලෙස සැලැකෙන ජෙනරාල් අවුං සාං ගේ දියණිය වන සුකී මහත්මිය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිණියකි. 1985 සිට 1995 දක්වා කාලය නිවාස අඩස්සියේ සිටි ඇය, 1990 පැවැති මැතිවරණය සියයට අසූවක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජය ගත්තා ය. එහෙත්, හමුදා ජුන්ටාව ඇයට බලය නො පැවැරීම නිසා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වී තිබේ. 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද ඇය, නිදහස සඳහා වන ඇමරිකානු ජනාධිපති පදක්කම 2000 වසරේ දී දිනා ගැනීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

මියන්මාර් හමුදා පාලනයේ අත්තනෝමතික බව නිසා භික්‍ෂූන් වහන්සේ එ රට හමුදා සාමාජිකයන් ගේ පවුල් වලින් දන්පිළි නොගනිති. දේශපාලනය සඳහා බෞද්ධ ආගමික පිළිවෙත් මෙසේ උපයෝගී කැර ගැනීම ගැන බෞද්ධයන්ට සතුටු විය නො හැකිය. එහෙත් මානව දයාව සුරැකි අවිහිංසාවාදී විරෝධය පෑමකට එරෙහි වීම ද කළ නො හැකි ය.

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]