|
|
ඇඹිලිපිටිය බෝධිරාජ
ධර්මායතනයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
ඡායාරූපයෙන් දැක්වේ. 1996 වසරේදී ඉදි කරන ලද
මෙය පද්මාකාර ය. චෛත්‍යයේ සලපතළ මළුව යටින්
ඇත්තේ, භාවනා මධ්‍යස්ථානයකි. විහාරාධිපති
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ අදහසක් අනුව
හක්මන නිහිලුව ලීලසේන නම් නිර්මාණ ශිල්පියා
විසින් මේ චෛත්‍යය නිර්මාණය කරන ලදී.
ඡායාරූපය – ජනක වෙත්තසිංහ |
|
|
කොත්මලේ, තවලන්තැන්න ප්‍රදීපාරාම විහාරස්ථානය
මහනුවර, නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ, තවලන්තැන්න මංසන්ධිය පසුකර, මීටර්
300 ක පමණ දුරක් පසුකර, ගැරැඩිඇල්ල ප්‍රදේශයට යන විට දකුණු පසින්, ඉතා
මනරම් වූ ස්ථානයක පිහිටි, කොත්මලේ තවලන්තැන්න ප්‍රදීපාරාමය දිස්වේ.
තවලන්තැන්න ප්‍රදීපාරාම විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ 1984 ජූලි මස 13
වෙනිදාය. ඒ වනතෙක් එම ප්‍රදේශයට පන්සලක් නොමැතිවීම විශාල අඩුවක් ලෙසින්
පැවතුණි. එම අඩුපාඩුව හොඳින් තේරුම් ගත් තවලන්තැන්න ජන්ෂන් ව්‍යාපාර
අධිපති, සාමදාන විනිශ්චයකාර කේ.බී. ඒ.ඒ. කොඩිතුවක්කු මහතා, තවලන්තැන්න
ප්‍රදීපාරාමය ආරම්භ කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළේ ය.
ඉතිරිය»
|
|
බිනර
අමාවක
බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා
බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10
වනදා බදාදා ය.
මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා |
|
 |
අමාවක |
ඔක්තෝබර් 10 |
පුර අටවක |
ඔක්තෝබර් 19 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 25 |
අව
අටවක |
නොවැම්බර් 01 |
|
|
|
|
|