[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙගල්දොරුව රාජමහා විහාරය

බිතුසිතුවමින් අලංකෘත දෙගල්දොරුව රාජමහා විහාරය

දෙගල්දොරුව රාජමහා විහාරය මහනුවර, දුම්බර අමුණුගම ප්‍රදේශයේ පිහිටි සකස් කළ ගල් ලෙනක නිර්මාණය කළ උඩරට සම්ප්‍රදායේ විශිෂ්ට බිතු සිතුවම් නැරඹීමට හැකි කලාගාරයක් ලෙස සැලකේ. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා දෙගල්දොරුව රාජමහා විහාරයට ළඟාවීමට හැකි ය. මහනුවර, ගල්මඩුව විහාරය ඉදිකරමින් සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ඊට නුදුරින් පිහිටි විහාරයකට උචිත ලෙනක් ගැන දැනගන්න ලැබුණු බවත්, පසුව රජු ගල්මඩුව කරවීම පසෙක තබා මෙම ලෙනේ විහාරයක් කරවීමට නියෝග කළ බවත්, ඒ විහාරය දෙගල්දොරුව බවත් කියැවේ.කීර්ති ශ්‍රී රාජසිංහ රජු මේ විහාරය කරවීම ආරම්භ කළ ද, එය නිම කිරීමට පෙර ඔහු මරණයට පත්ව ඇත. අනතුරුව රජ වූ ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජු මෙම විහාරය නිම කර මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ට පූජා කළ බව දෙගල්දොරුව තඹ සන්නසේ සඳහන් වේ.


අව අටවක

සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා. 02.20න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14න් ගෙවේ.
04 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]