ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි අව අටවක පෝ දා 2026 සැප්තැම්බර් 04 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඇසළ පෙරහර මංගල්‍ය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර මංගල්‍ය මුලින් ම ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ ය. එතැන් පටන් සියලු රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවල හැර, අන් හැම විට ම, දළදා පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූල ව නොකඩකොට මහත් බැතියෙන් පැවැත්වූහ.පොළොන්නරු සමයේ මහා පරාක්‍රමබාහු රජු රජ ගෙදර පටන් යොදුනක් තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇළුණේ හැම තන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වු තොරන් කරවා ...... පුජාවට සුදුසු අන්‍ය වු දෙයින් ද, සරසා පෙරහර චමත්කාර ලෙස පැවැත්වීය. සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයා මහත් රූප ශෝභාවෙන් යුතු වූ නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, පෙරහරෙහි ගමන් ගත්හ. ජත්‍ර, චාමර, ධජපතකාදිය රැගෙන යන්නෝ ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝ ය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැඟී ගමන් කළේ ය. මෙම පූජා පෙරහරේ මහිමයෙන් වැව් පිරී යන තරමට වර්ෂාව ද පතිත විය.
සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා. 02.20න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14න් ගෙවේ. 04 සිකුරාදා සිල්
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
පසළොස්වක
සැප්තැම්බර් 25
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]