මහකරාවේ ඥානවිමලතිස්ස මහා නාහිමියන්ගේ 192 වැනි ගුණ සැමරුම

මහකරාවේ ඥානවිමලතිස්ස මහා නාහිමියන්ගේ 192 වැනි ගුණ සැමරුම

මහකරාවේ ඥානවිමලතිස්ස මහා නාහිමියන්ගේ 192 වැනි ගුණ සැමරුම් උත්සවය පසුගියදා බලපිටිය, වැලිතල අම්බරුක්කාරාම මූල මහා විහාරස්ථ ධර්ම මන්දිරයේ දී පැවතිණි.

මෙම උත්සවයට සමගාමීව අමරපුර චූලවංශික පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස නාහිමියන්ට අමරපුර උත්තරීතර සංඝ සභාව විසින් ධර්ම ශාස්ත්‍ර විභූෂණ ගෞරව නාමය සහිත සම්මානයක් පිරිනමා තිබේ.

ඒ සඳහා වූ සන්නස්පත්‍රය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමියන්ගේ සුරතින් ලබා ගත්හ.

මේ අවස්ථාව සඳහා බලපිටියේ සිරි සීවලී නාහිමි ගන්තුනේ අස්සජි මහ නාහිමි, අහුන්ගල්ලේ විමලධම්මතිස්ස නාහිමි, අකුරළ මංජුලතිස්ස නාහිමි ස්වාමීන් වහන්සේ ඇතුළු පැවිද ගිහි විශාල පිරිසක් සහභාගි වූහ.

ඇසළ  පුර අටවක

ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]