ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර අටවක පෝ දා 2026 ජූලි 21 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොලොන්නරුවේ පිහිටි ලංකාතිලක පිළිම ගෙය චූලවංශයට අනුව දොළොස් වැනි සියවසේ දී මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද ආලාහන පිරිවෙන සංකීර්ණයට අයත් පුරාණ බෞද්ධ විහාර මන්දිරයකි. ගඩොලින් කරන ලද පිළිම ගෙවල් අතරින් විශාලතම පිළිම ගෙය, පිළිමය සහිත ඇතුළු ගැබ, ගර්භ ගෘහයට ඇතුළු වන දොරක් සහිත මණ්ඩපය, පහළ ම මාලයේ වූ අන්තරාලය යන කොටස් තුනෙන් සමන්විත ය. පරාක්‍රමබාහු රජු විසින් ඉදි කළ විහාර අතර විශාලතම ප්‍රතිමා ගෘහය ලෙස ද ලංකාතිලකය හැඳීන්වේ. ගඩොලින් නිමවා ඇති එහි වහළ වෘත්තාකාර ස්වරූපයක් ගන්නා නිසා ගෙඩිගේ සම්ප්‍රදායට අයත් යැයි විශ්වාස කෙරේ. ලංකාතිලකය ආයත චතුරස්‍රාකාර මළුවක (පැරණි ස්තූප ආශ්‍රිත ව දක්නට ලැබෙන දිගටි සෘජුකෝණාස්‍රාකාර හැඩයකින් යුත් මළුවක් හෝ වේදිකාවක හෝ) පිහිටා තිබෙන අතර, අඩි 124ක් දිග ය. අඩි 66ක් පළල ය. ථූපාරාමය මෙන් පාදමක් මත සාදා ඇති මෙහි සිංහ රූප පේළියකින්, වාමන රූප පේළියකින් සරසා ඇත. ප්‍රධාන දොරටුව නැඟෙනහිරින් වන අතර, තවත් කුඩා ප්‍රවේශයක් මණ්ඩපයෙහි උතුරු පැත්තේ වෙයි. මෙහි ප්‍රධාන දොරටුව නව සංකල්පයක් අනුව නිර්මාණය කර ඇත. අඩි 40ක පමණ උසට ගඩොලින් දොර කුලුනු දෙක දාර සහිත බොරදම්වලින් යුතු ව සාදා ඇත. මේ ආකාරයට දොර කවුළුව නිර්මාණය කිරීමේ අදහස වී ඇත්තේ පිටත සිටින සැදැහැවතුන්ට පවා පිළිම ගෙය තුළ පිහිටි හිටි පිළිමය සම්පූර්ණයෙන් ම දැක ගැනීමට බවත්, සැදැහැවතුන්ගේ ප්‍රසාදය සහ සංවේගය ඇති කිරීමට බවත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කර ඇත.
ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ. 21 අඟහරුවාදා සිල්
පුර අටවක
ජූලි 21
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]