[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

තුන්ලොවට ම යහපත දෙන ඒකාන්ත සැපය

මේ ලෝකයේ බොහෝ මිනිස්සු උපදිනවා. මේ උපදින හැම දෙනා ම වයසින් මෝරලා ගියා, රැකියාවක් කළා, විවාහ වුණා, දරුමල්ලෝ හැදුවා, වයසට ගියා, අවසානයේ මැරිලා ගියා. සමහර අය ඉපදුණු ගමන් ම මැරිලා යනවා. තරුණ වියේ දී මැරෙනවා. කොහොම වුණත් මෙතෙක් ලොව ඉපදුණු අයට ඔය දේමයි සිදු වුණේ. අනාගතයේ උපදින අය එයින් මිදේවි ද? නෑ. හැම දෙනාට ම එකම විදිහට මෙලොව හැර දාලා යන්න වෙනවා. ඒ අතර ම අපට අහන්න ලැබෙනවා පින්වන්ත අයත් මේ ලෝකයේ උපදිනවා කියලා. සක්විති රජවරු උපදිනවා. ධාර්මික ව සතර මහා දිවයින ම ජය ගෙන ඉතා හොඳින් පාලනය කරනවා. අවසානයේ ඔවුනුත් මියයනවා. ඒ සියලු දෙනා මියයන්නේ ජීවිතයේ සැබෑ අර්ථය වටහා ගෙන ද? එසේ නොවෙයි. අන්න ඒකයි වෙනස. මේ මිනිසුන් අතර ම ඉපදිලා, හැදිලා වැඩිලා, මේ ජීවිතයේ සැබෑ අරුත වටාගෙන යමෙක් සදාතනික අනිත්‍ය ධර්මයට මුහුණ දෙනවා ද? අප මේ විඳින දුකෙන් එතෙර වුණා ද? සසර සැඩ පහර තරණය කළා ද? පෙර කී අයගේ මරණය යි, මේ උත්තමයාගේ මරණය යි අතර වෙනසක් තියෙනවා ද? ඔව්.... සැබෑ වෙනසක් තියෙනවා. ඒ කාගේ උපතක් ද? කාගේ ජීවිත පැවැත්ම ද? කාගේ මරණය ද? ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, ජීවන පැවැත් ම, පිරිනිවීම. ඒ උත්තමයාගේ උපත හරිම අසිරිමත්, බොහෝ දෙනාට යහපත උදාකරන්නක්. “පින්වත් මහණෙනි, මේ ලෝකයේ උපදින එකම එක පුද්ගලයෙක් ඉන්නවා, බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, හිතසුව පිණිස, සැපය පිණිස ම යි උපදින්නේ. ඒ එකම එක පුද්ගලයා වනාහි කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය, පින්වත් මහණෙනි, මොහු වනාහි බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ම, හිතසුව පිණිස ම උපදින එක ම පුද්ගලයා ය.” එසේ නම් මේ ලෝකයේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිසයි, සැපය පිණිසයි තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වන්නේ. එය ඒකාන්ත සත්‍යයක්. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය සුගති සැප සලසා ගත්තා. සසරින් එතෙර වන මාර්ගය අවබෝධ කළා. සසරෙන් නිදහස් වුණා.


ඇසළ  පුර අටවක

ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]