[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක

“සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළවන්නේ බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ය. හිතසුව පිණිස ය. ලෝකානුකම්පාවෙන් ම ය. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ සියල්ල අවබෝධ කළ සේක. සර්ව සම්පූර්ණ ජීවිතයක් ඇති සේක. මහා නුවණැති වන සේක. අළාමක ප්‍රඥා ඇති සේක. ගම්භීර ප්‍රඥා ඇති සේක. අද්විතීය වන සේක. අසහාය වන සේක. ලොව කිසිවකුට ඉසිලිය නොහැකි අපමණ ගුණ දරා වැඩ සිටි සේක. අපමණ ගුණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාවට දේශනා කරයි ද, ඒ කල්පය අවසන්වී යන්නේ ය. බුදු ගුණස්කන්ධය පවසා අවසන් නොවන්නේ ම ය. බුදුරජාණන් වහන්සේ ඒ අපමණ බුදුගුණ ගුණ නවයකට කැටිකොට වදාළ සේක. මේ ලිපියෙන් විස්තර වන්නේ ඒ ගුණ නවයෙන් සයවැන්න වූ අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණය ගැනයි. දමනය කිරීමට අසීරු වූ අකීකරු දෙව් මිනිසුන් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ද, අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් ද, දමනය කොට අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ “අනුත්තරෝ පුරිසදම්ම සාරථී” නම් වන සේක. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ආකාරයකින් ලෝ සතුන් දමනය කරන ආකාරය කේවඩ්ඪ නම් ගෘහපති පුත්‍රයාට මෙසේ වදාළ සේක. “පින්වත් කේවඩ්ඪ, ඍද්ධි ප්‍රාතිහාර්ය කියන්නේ ශරීර කිහිපයක් මවා පෙන්වීම, හදිසියේ නො පෙනී ගමන් කිරීම, පර්වත විනිවිද ගමන් කිරීම, දිය මතුපිට ඇවිදීම, අහසින් ගමන් කිරීම ආදි නොයෙකුත් ඍද්ධි ප්‍රාතිහාර්යයන් ය. පින්වත් කේවඩ්ඪ, ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ ඒ උතුමාට අනුන්ගේ සිත කියන්න පුළුවන්කම යි. ඔබේ සිත මේ විදිහයි. ඔබ සිතන්නේ මේ විදිහටයි. සිත්වල ඇති දොම්නස් බව, සොම්නස් බව, සිත හැසිරෙන අරමුණූ ආදිය ගැන ප්‍රකාශ කළ හැකි වීමයි. කේවඩ්ඨ, අනුශාසනී ප්‍රාතිහාර්ය කියන්නේ ධර්මයෙන් අනුශාසනා කිරීමයි. මේ විදිහට හිතන්න, මේ විදිහට හිතන්න එපා. මේ විදිහට විමසන්න, මේ විදිහට විමසන්න එපා. මේ මේ දේ පුරුදු කරන්න, මේ මේ දේ ප්‍රහාණය කරන්න. මේ මේ දේ ලබාගෙන වාසය කරන්න ආදි වශයෙන් අනුශාසනා කරමින්, සීල, සමාධි, ප්‍රඥා මාර්ගය පෙන්වා දී සසර දුකින් සත්ත්වයා මුදා ගැනීමට කටයුතු කිරීමයි.


වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]