ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් අමාවක පෝ දා 2026 ජූනි 14 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ බොහෝ ලස්සනට ප්‍රමාදය කියන පදය විස්තර කොට තියෙනවා. ප්‍රමාදය කියන්නේ කුමක්ද? කයෙන් සිදුවන ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය කියන අකුසල් තුනත්, වචනයෙන් සිදුවන බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන, කීම, හිස් වචන කීම කියන අකුසල් හතරත්, මනසින් සිදුවන විෂම ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය යන අකුසල් තුනත් කියන මේ දස අකුසල් සිදු කරනවා. ඇස, කන, නහය, දිව, කය මේ ඉන්ද්‍රියයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කියන පංච කාම සම්පත් කෙරෙහි අකුසල් සිදුවන ආකාරයට සිත මුදා හරිනවා. සිහියෙන් තොරව සිත මුදා හරිනවා, කැමති විදිහට ඒවායේ සිත හැසිරෙනවා, නැවත නැවතත් ඒ විදිහේ අයහපත් විදිහට ජීවිතය පවත්වනවා.දන් දෙනකොට, සිල් රකින කොට, භාවනා කරනකොට, පින් දෙනකොට, පින් අනුමෝදන් වෙනකොට, ධර්ම ශ්‍රවණය කරන කොට, වැඩිහිටියන්ට උපකාර ගරු බුහුමන් දක්වන කොට, ගෙදරදොර වතාවත් කරනකොට , බුද්ධ වන්දනා ආදි වත්පිළිවෙත් කරනකොට අගෞරවයෙන් කරනවා, නොසැලකිලිමත් ව කරනවා, සකස් කරන්නේ නැති ව කරනවා, නැවත නැවතත් ඒ විදියෙහි අයහපත් විදිහට ජීවිතය පවත්වනවා, දන් දීම්, සිල් රැකීම්, භාවනාදී කුසල කර්ම, වත්පිළිවෙත් ආදී දේ නැවත නැවත නොකර අත්හරිනවා, පින්කමක් කරන්න ගියත් නිමාවක් දකින්නේ නැති ව මඟහරිනවා, පින්කම් කිරීමේ දී මඟින් නැඟිටලා යනවා. පින්කම සම්පූර්ණ කර ගන්නේ නැහැ, පසුබට වෙවී පින්කම් කරනවා, කුසල කැමැත්ත සිතින් අත් හරිනවා. “ඕවා වැඩක් නැහැ කියලා“, කුසල් කිරීමේ උත්සාහයත්, වීර්යයත් අත්හරිනවා, කුසල් කළත් එය නැවත නැවත සිහි නොකර අත් හරිනවා, කුසල් කිරීමේ සතුටු වන්නේ නැහැ, බහුල වශයෙන් නැවත නැවත එය භාවිත නොකර අත්හරිනවා. මෙය ප්‍රමාදයයි. නොසැලකිල්ලෙන් ආවාට ගියාට විසිකරන ආකාරයෙන් තරහෙන් පුපුරමින් සතකුට හෝ දෙන විට අපේ සිත දූෂණයට පත්වෙනවා. කුසලයක් කරන විට සතුටු සිතින් කිරීම ද, නුවණින් යුක්තව කිරීම ද, පසුබට නොවී තමන් ම මහත් කැපවීමෙන් කිරීම ද, කුසලය මහත් ඵල විපාක ලැබීමට හේතු වෙනවා.
ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ. 14 ඉරිදා සිල්
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]