ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිවාසි කහතුඩුවේ සුදස්සී හිමියෝ ජුනි මස 23 වැනි දා මහනුවර මල්වතු මහා විහාර උපෝෂිත සීමාමාලකයේ දී අධිශීල උපසම්පදාව ලබති.
කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිපති පෙතිගමුවේ සුමනතිස්ස හිමිපාණන්ගේ ශිෂ්‍ය හිමිනම වන සුදස්සි හිමි කහතුඩුව දියගම පාර පදිංචි නිමල් කෝට්ටගේ හා නීටා දුල්මිණි අබේවර්ධන යන දෙපළගේ පුත්‍රරත්නය යි.
උපසම්පදාව ලබන සුදස්සි හිමියන් පිළිගැනීම පිණිස කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දී ජුනි මස 27 වැනි දා සවස විශේෂ උත්සවයක් පැවැත්වේ. මංගල ධර්ම දේශනය ද එදින සවස 7.00ට ශ්‍රී නන්දනාරාමයේ දී පැවැත්වේ.
****
ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ නාහිමිගේ ශිෂ්‍ය ගම්පොළ උඩඟුරුවත්තේ ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන බෝගමුවේ නන්දසාර සාමණේර හිමි, ජුනි මස 04 වැනි දින මහනුවර අස්ගිරි මහා විහාර රාජකීය උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීමට කටයුතු යොදා ඇත. රාජකීය පණ්ඩිත දේවහුවේ සුගුණසාර, හාල්යාලේ විමලරතන යන හිමිවරු ද උපසම්පදාවේ දී ආචාර්යවරුන් වශයෙන් කටයුතු කරයි. බෝගමුවේ නන්දසාර හිමි හඟුරන්කෙත රිකිල්ලගස්කඩ බෝගමුවේ පදිංචි ඩී.ඩී. රත්නසේකර බණ්ඩා සහ ආර්.එම්. නාලනී රත්නායක දෙපළගේ පි‍්‍රය පුත්‍ර රත්නයකි.
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]