[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ පිරිවෙන් අධ්‍යක්ෂ ධුරයෙන් පිදුම් ලබති

මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ

පිරිවෙන් අධ්‍යක්ෂ ධුරයෙන් පිදුම් ලබති


පිරිවෙන් අධ්‍යාපනයේ නියමු වගකීම පැවරී ඇත්තේ තත් කාලීනව පත්වන අධ්‍යක්ෂ (පිරිවෙන්) ධුරයට යි.

ඒ අනුව ලක්දිව සම්භාව්‍ය අධ්‍යාපනයෙහි මුදුන්මල්කඩ ලෙස සැලකෙන පිරිවෙන් අධ්‍යාපනයෙහි එකී භාරදූර වගකීම පසුගියදා හෝමාගම පුරාණ විහාරාධිපති, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාතික මණ්ඩල සභික, හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, පණ්ඩිත මාදෝවිට වජිරබුද්ධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පැවරුණි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලය හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද මැනවින් සමත් වූ උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උපගුරුවරයකු ලෙස වර්ෂ 1998 දී එක්වූහ. පරිවේනාධිපතීන් වහන්සේ වශයෙන් වර්ෂ 2000 දී පත්වන ම ය. ස්වකීය අධ්‍යාපනික මෙහෙවර එක් ආයතනයකට පමණක් සීමා නොවන පරිදි වර්ෂ 2010 සිට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරට හා පසුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරට පත් ව ලක්දිව සෑම පළාතක්ම ආවරණය වන පරිදි ඒ හරහා සේවය කරමින් කා අතරත් “අපේ මාදෝවිට හාමුදුරුවෝ ” යන ගෞරවාන්විත ජනාදරයට පත් වීමට සමත් වූහ.

තම සඟ පරපුරෙන් උරුම වූ දායාදයන් රක්ෂා කරමින් උතුම් සඟ සෝභන ගුණයෙන් ශාසනික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් ද විවිධ තනතුරු දැරීය. දෙස් විදෙස් ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කරමින්, ලේඛනයෙන් මෙන්ම භාෂණයෙන් ස්වකීය ප්‍රතිභාව සමාජානුසරණය කරමින් සසුනඹරෙහි දිලෙන පඬිරුවනක් විලෙස, අප කතානායකයාණන් වහන්සේ, පිරිවෙන් අධ්‍යාපනයට සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

මෙරට පිරිවෙන් අධ්‍යාපන ආයතන පැවිදි, ගිහි ගුරු භවතුන්, ශිෂ්‍ය ප්‍රජාව, මෙන්ම මාණ්ඩලික නිළධාරීන් ප්‍රමුඛව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහිත විධිමත් අධ්‍යාපන ප්‍රවාහයකට නායකත්වය දුන් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධියට කටයුතු කළහ. ශාසනයෙහි උල්පත ලෙස සැලකෙන පිරිවෙන් අධ්‍යාපනයෙහි අරමුණු සාධනය උදෙසා කටයුතු කරනු පිණිස, අප මාදෝවිට වජිරබුද්ධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ලෝ සසුන් වැඩ පිණිස උතුම් දළදා සමිඳුන්ගේ ශුභාශීර්වාදය තිසරණාධාර පෙරටුව ප්‍රාර්ථනය කරමි.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]