[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කනංකේ විමලඤාණ මාහිමියන්ගේ තෙමස් පුර්ණ ගුණ සැමරේ

කනංකේ විමලඤාණ මාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණ සැමරේ

වසර හැත්තෑ හයක පැවිදි ජීවිතයක් ගත කරමින් 2026.02.13 දින අපවත් වී වදාළ කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේ ව්‍යක්ත විශාරද බහුශ්‍රැත ධර්ම විනයට අනුගතව සංඝ සමාජය ශෝභාවත් කළ මහා යතිවරයන් වහන්සේ නමකි. 1936.10.06 දින ජන්ම ලාබය ලබා ඇති අප කතානායකයාණෝ එවකට කනංකේ රාජමහා විහාරාධිපතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී ඤාණාලෝක නාහිමිපාණන් වහන්සේගේ හා පැනෑටියන ශ්‍රී චේතියාරාමාධිපතිව වැඩ සිටි පැනෑටියන ශ්‍රී සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ද ශිෂ්‍යයකු වශයෙන් 1949.03.10 දින කනංකේ විමලඤාණ හිමි නමින් සසුන්ගත වී ඇත.

උගතමනා බණ දහමින් හා නිසි වයසින් සම්පූර්ණව සිටි මෙම හෙරණපාණන් වහන්සේ 1957 ජූනි 05 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේදී අතිඋතුම් උපසම්පදාව ලබා ගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලය මඟින් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය හිමි කරගත් උන්වහන්සේ කනංකේ ඤාණාලෝක නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු කනංකේ රාජමහා විහාරය, පැනෑටියන ශ්‍රී චේතියාරාමය හා නිමලව ශ්‍රී විජයාරාමයේ ද විහාරාධිපතීන් වහන්සේ බවට පත් වූහ. වසර හතළිස් පහක පමණ කාලයක් එම විහාරස්ථාන උන්නතිය වෙනුවෙන් කර ඇති සේවාව සුළු පටු නොවේ.

ඍජු ප්‍රතිපත්තියක පිහිටා සරල අපිස් අනතිමානී ගුණ ගරුක ජීවිතයක් ගත කළ වසර අනූවකට ආසන්න කාලයක් වැඩ සිට අපවත් වී වදාළ කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා මෙම 10, 11, 12 දිනවල බුද්ධ පූජා හා ධර්ම දේශනාවන් පවත්වා 13 වන දින සියක් නමකට අධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු මහා දානයක් පූජා කිරීමට කටයුතු යොදා ඇත. විහාර ගණයේ සම්මාන විහාරාධිපති වීරපානේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිපති ශාස්ත්‍රපති දම්පහල බුද්ධසිරි හිමි ඇතුළු ශිෂ්‍ය හිමිවරු හා දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධාන කර ඇත.

කනංකේ විමලඤාණ හිමියන්ට උතුම් නිවන් සුව ලැබේවා.

අධි වෙසක් අව අටවක

මැයි 09 සෙනසුරාදා අ.භා. 02.01න් අව අටවක ලබා 10 ඉරිදා අ.භා. 03.03න් ගෙවේ.
09 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]