ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් අව අටවක පෝ දා 2026 මැයි 09 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මිනිසුන් අවස්ථා පහක් හමුවේ අසත්‍ය පවසන බව මජ්ඣිම නිකායේ සාල්‍යෙයක සූත්‍රයේ දී පෙන්වා දේ. එනම්, සභාගතො - සභාවක දී, පරිසගතො - ගමෙහි පිරිසක් මැද දී, පූග මජ්ඣගතො - රැකියා කරන අය අතර දී, ඤාති මජ්ඣගතො - නෑයන් මැද දී, රාජකුල මජ්ඣගතො - රාජ සභාවේ දී යන ස්ථානවලට යම් ගැටලුවක් හෝ නඩුවක් හෝ සඳහා සාක්‍ෂි දීමට කැඳවූ කල්හි, කැඳවනු ලැබූ තැනැත්තා විසින්, දන්නා දෙයට නොදන්නා බව ප්‍රකාශ කිරීම. (ජානං වා ආහ න ජානාමි) නොදන්නා දෙයට දන්නා බව ප්‍රකාශ කිරීම. (අජානං වා ආහ න ජානාමි), නොදුටු දෙයට දුටු බව කීම. (අපස්සං වා පස්සාමි) හා දුටු දෙය නුදුටු බව කීම. (පස්සං වා ආහ න පස්සාමි) යනාදී ලෙසින් බොරු සාක්‍ෂි දීම හඳුනාගෙන තිබූ බව පැහැදිලි ය. කෙනකු එසේ කරනුයේ කරුණු තුනකින් එකක් මඟින් මෙහෙයවීම මත බව සාල්‍යෙයක හට බුදුරදුන් පෙන්වා දේ. ඒවා නම්, තමාගේ ගැලවීම පිණිස (අත්ත හේතු), අන් කෙනකුගේ ගැලවීම පිණිස (පර හේතු) හා පගාව බලාපොරොත්තුවෙන්. මෙහි දී සුළු හෝ දෙයක් බලාපොරොත්තුවෙන් බව (ආමිස කිඤ්චික්ඛ හේතු) පෙන්වා දී ඇත.දැන දැන ම බොරු කීම මෙහිදී සිදු වේ. මෙයින් පැහැදිලි වන කරුණක් නම් අසත්‍ය හා බොරු සාක්‍ෂි අතර සමීප සම්බන්ධතාවයක් පවතින බව ය. ඒ බව තවත් ප්‍රත්‍යක්‍ෂ වනුයේ වසල සූත්‍රයේ සඳහන් වන (සක්ඛි පුට්ඨො මුසාබ්‍රෑති) ප්‍රකාශයෙනි. එනම් සත්‍යය නම් බොරු සාක්‍ෂි දීමෙන් වැළකීම යි. වරක් ත්‍රිවේද පාරප්‍රාප්ත කාපටික නම් තරුණ බමුණෙක් බුදුරදුන්ගෙන් විචාරණුයේ “ගෞතමයෙනි, අප පැරණි බමුණු පඬිවරුන් විසින් ත්‍රිවේදාගත මන්ත්‍ර පිළිබඳ පවසනුයේ මෙයම සත්‍යය බවත්, අන් සියල්ල හිස් (අසත්‍ය) බවත් ය. මෙම මතවාදය පිළිබඳ බුදුරදුන්ගේ අදහස කුමක්දැයි හේ විමසා සිටී. ‘භාරද්වාජයෙනි,මෙම අදහස තුළ දී මෙය ම සත්‍යය බවත්, අනෙක්වා හිස් යැයි පවසන එක ද බමුණෙක් හෝ සිටින්නෙහිදැ යි විමසා සිටි අතර, එසේ කිසිවකු නොමැති බව කාපටික බමුණු තෙම පිළිවදන් දේ. එසේ නම් මෙම මතවාදය පිළිබඳව දන්නා හත්වැනි පරම්පරාව තෙක් යම් ආචාර්ය ප්‍රාචාර්යාදී බමුණෙක් සිටින්නේදැ යි විමසා සිටියහ. එසේ කිසිවකු නොමැති බව හේ පිළිවදන් දුන්නේ ය.
මැයි 09 සෙනසුරාදා අ.භා. 02.01න් අව අටවක ලබා 10 ඉරිදා අ.භා. 03.03න් ගෙවේ. 09 සෙනසුරාදා සිල්
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
පසළොස්වක
මැයි 30
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]