[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සෑම චේතනාවක ම සැඟවුණු කර්මයක්...

කම්ම පටිසරණ (මම කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්) කම්ම බන්ධු (මගේ එකම ඥාතියා, මගේ එකම නෑයා, මම රැස් කරගත්ත කර්මය) කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකං වා තස්ස දායාදෝ. මම යම් යහපත් දෙයක් කළොත් ඒකෙ යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් එහි අයහපත් විපාකත් සසර ගෙනි යන්නේ මමයි. කියන කාරණය නිතර සිහි කරන්න යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ඇතැම් විට ඔබට සිතෙනවා ඇති කර්ම ගැන අපි දන්නවා. අපි කොච්චර පොත් කියවලා තියෙනව ද? කර්මය ගැන කියලා. මේ කර්මය ගැන අවබෝධයක්, හරි වැටහීමක් නැතිකම නිසාම නියත මිථ්‍යා දෘෂ්ටියට ඔබ අසුවෙන්න පුළුවන්. මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණු ම අකුසලයක්. ආනන්තරිය අකුසල්වලටත් වඩා භයානකම අකුසලයක්. අපි නො දැනුවත්ව ඕන තරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පින්වතුනි, බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ චේතනාව යි. චේතනා පහළ කර මේ සත්වයන් කර්ම රැස් කරනවා. කයින්, වචනයෙන් මනසේ චේතනා පහළ කිරීමෙන් කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහළ කිරීමෙන් වචන ප්‍රකාශ කරනවා වගේම හිතනවා. මෙලෙස අපි හිතන සෑම සිතිවිල්ලක් එක්කම හිතේ චේතනාවක් පහළ වෙනවා. ඉබේ කතා කරන විටත්, කරන ක්‍රියාවලත් චේතනා පහළ වෙනවා. ඔබට, මට, අපට කාටවත් මේ කර්ම රැස් නොකර සිටින්නට ක්‍රමයක් නෑ. ඔබ අහලා ඇති සමහරු කියනවා, අපි පව් කරන්නේ නෑ. ඒ නිසා අපට අමුතුවෙන් කියලා පින් කරන්න පන්සල් යන්න ඕනෙ නෑ කියලා.


බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]