[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සිරිසඟබෝ රජු හිස දන්දුන් ඓතිහාසික පුදබිමේ හත්ථිකුච්චි විහාරය

ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලෑව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි හත්ථිකුච්චි විහාරය ඓතිහාසික බෞද්ධ පුදබිමකි. අනුරාධපුර - පාදෙණිය මාර්ගයෙහි මහගල්කඩවල සිට කිලෝ මීටර් 3.5ක් දුරින් එසේත් නැත්නම් කුරුණෑගල අනුරාධපුර පාරේ 43 වැනි සැතපුම් කණුව අසලින් වූ බටහිර පාරේ සැතපුම් තුනක් පමණ ගිය විට මේ විහාරස්ථානය හමු වේ. අනුරාධපුර නගරයේ සිට සැතපුම් 13ක් පමණ දුරින් හත්ථිකුච්චි විහාරය පිහිටා තිබේ. අක්කර 300ක් පමණ වූ මේ භූමි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක සාධක විසිරී පවතී. ක්‍රි. ව. 251 – 253 අතර සමයේ රජකම් කළ සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය හත්ථිකුච්චි යැයි අදහසක් පවතින අතර, එය මහාවංශ ටීකාවේ ද සඳහන් වෙයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහත්වරුන් ද මේ බව පවසා තිබේ. රජකම අත්හළ සිරිසඟබෝ රජු අනුරාධපුර නගරයෙන් පිටත්ව ගොස් රාත්‍රි කාලයේ ඔහු සිටි ස්ථානයේ දී භාවනානුයෝගී ව සිටි බව වංශකථාවල සඳහන් වේ. අනුරාධපුරයේ සිට බත්මුලක් රැගෙන පැමිණි දුගියකු පර්වත මුදුනකට පැමිණ ආහාර ගැනීමට සූදානම් වන මොහොතේ භාවනාවේ යෙදී සිටින තාපසයකු දැක තම බත්පතෙන් කොටසක් පූජා කර ඇත. ඒ තාපසයා දුගියාගෙන් අනුරාධපුරයේ තොරතුරු ඇසූ මොහොතේ පවසා ඇත්තේ සිරිසඟබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන අයකුට මසුරන් දහසක් දෙන බවට ගෝඨාභය රජු අණබෙර යැවූ බවත්, මේ හේතුවෙන් මහා මිනිස් ඝාතනයක් විය හැකි බවත් ය. සිරිසඟබෝ රජුට මේ මිනිස් ඝාතනය ගැන මහත් ශෝකයක් ඇති වුණි. ‘මා නිසා මිනිසුන් මිය යෑම වැළැක්විය යුතුයි” යැයි අධිෂ්ඨාන කරගෙන තම හිස සිඳ දුගියා අත තබා එය ගෙන ගොස් රජුට පෙන්වා කහවනු දහස ලබා ගන්නා ලෙස සිරිසඟබෝ රජු කී බව වංශකථාවල දැක්වේ.


බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]