[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රථම වරට පිළියන්දල නගරයට වෙසක් කලාපයක්

ප්‍රථම වරට පිළියන්දල නගරයට වෙසක් කලාපයක්

“ප්‍රඥාවෙන් ලොව දකිමු” තේමාව යටතේ 2570 වැනි සම්බුද්ධ ජයන්ති සැමරුමට සමගාමී ව කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලය, කැස්බෑව නගර සභාව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එකතුවෙන් විශේෂ වෙසක් කලාපයක් සංවිධාන කර ඇත.

මෙය ශ්‍රී සම්බුද්ධාභි වන්දනා 2026 ලෙසින් නම් කිරීමට කටයුතු යොදා ඇත. මේ වෙසක් කලාපය මැයි මස 30 වැනි දා ආරම්භ වී දින පහක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, පසුගිය දිනෙක ඒ පිළිබඳ ව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. මේ පිළිබඳ කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී ගොම්බද්දල දමිත හිමියන් මෙසේ අදහස් දැක්වීය.

“මෙවර කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලය, කැස්බෑව නගර සභාව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක් කරගෙන විශේෂ වෙසක් කලාපයක් සම්පාදනය කර තිබෙනවා. “ශ්‍රී සම්බුද්ධාභි වන්දනා 2026” නමින් මේ වෙසක් කලාපය නම් කර තිබෙනවා. මැයි මස 30 වැනි දිනට ජාතික වෙසක් උත්සව සැමරුම රට පුරා සිදු කරනවා. ඊට සමගාමී ව පිළියන්ද සහ කැස්බෑව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආගමික වැඩසටහනක් වගේම සංස්කෘතික උත්සවයක් පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වැඩසටහනේ මූලික සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ කැස්බෑව නගර සභාවේ නගරාධිපති චාමර මද්දුමගේ මහතා විසින්. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරියත්, ශාසනාරක්ෂක මණ්ඩලයත් මූලික සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සඳහා මහා සංඝරත්නය වගේම ප්‍රදේශයේ ව්‍යාපාරික සහ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරන ආයතන ප්‍රධානීන් සම්බන්ධ වෙනවා.

කැස්බෑව කියන්නේ අති බහුතරයක් බෞද්ධ ජනතාව ජීවත් වන වගේම හොඳ බෞද්ධ පුනරුදයක් තිබෙන ප්‍රදේශයක්. නමුත් පිළියන්දල සහ කැස්බෑව කේන්ද්‍ර කරගෙන මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් සංවිධාන වුණේ නෑ. මේ සඳහා මහා සංඝරත්නය ලෙසත්, ශාසනාරක්ෂක බලමණ්ඩලය ලෙසත් අපි අවශ්‍ය කරන අනුශාසකත්වය සහ නිසි මඟ පෙන්වීම ලබා දෙනවා. කොළඹ නගරය ආශ්‍රිත ව වෙසක් කලාප සහ විවිධ ආගමික උත්සව පැවැත්වෙනවා. නමුත් පිළියන්දල නගරයට, වෙසක් කලාපයක් යෝජනා වුණේ ප්‍රථම වරටයි. එහි බෞද්ධ ජනතාවගේ ප්‍රබෝධය ඉස්මතු කිරීම වගේම බෞද්ධ නිර්මාණශිල්පීන්ට අත්වැලක් වේවි යැයි අප විශ්වාස කරනවා.

බෞද්ධයන් විශාල පිරිසක් ඉන්න ප්‍රදේශයක මෙතෙක් කල් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. මේ සියලු කාරණා පදනම් කරගෙන පාසල් සහ දහම් පාසල් මට්ටමින් දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරන්න මේ වැඩසටහන සංවිධාන කර තිබෙනවා. පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය මුල්කරගෙන විශේෂ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් සහ ඊට අමතරව සදහම් ගීත වැඩසටහන්, වෙසක් කූඩු සහ තොරණ ප්‍රදර්ශන, දන්සල් ඇතුළු බොහෝ වැඩසටහන් සංවිධාන කර තියෙනවා.

දින පහක් පුරාවට මේ වෙසක් සැමරුම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය විශාල වගකීම් සහගත කාර්යභාරයක්.”

මෙම අවස්ථාවට මාවිත්තර සිරි තිසරණාධිපති ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ රතනජෝති නාහිමි, නගරාධිපති චාමර මද්දුමගේ මහතා, පිළියන්දල පොලිස් ස්ථානාධිපති චමින්ද කුලසිංහ මහතා, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මිය ඇතුළු පිරිසක් අදහස් පළ කළහ.

බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]