[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

තථාගතයන් වහන්සේගේ අසිරිමත් පුණ්‍ය මහිමය

සෑම සත්වයෙක් ම කර්මය දායාද කරගෙන සිටිත්. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිත්. කර්මය ඥාතියා කරගෙන සිටිත්. කර්මය පිළිසරණ කරගෙන සිටිත්. යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ ද ඔහුට පිළිසරණට පවතින්නේ එය යි. ලොව පහළ වූ අසහාය අද්විතීය මනුෂ්‍ය රත්නය වනාහී තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. සෑම මනුෂ්‍යයකුගේ ම ජීවිතයේ ඉරණම තීරණය වන්නේ තම තමන් විසින් කරන කුසල අකුසල කර්ම මත යි. එය මෙසේ ය. සෑම සත්වයෙක් ම කර්මය දායාද කරගෙන සිටිත්. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිත්. කර්මය ඥාතියා කරගෙන සිටිත්. කර්මය පිළිසරණ කරගෙන සිටිත් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ ද ඔහුට පිළිසරණට පවතින්නේ එය යි. නිධිකණ්ඩ සූත්‍රයේ පෙන්වා දී ඇති පරිදි සෑම මගඵලලාභී ශ්‍රාවකයෙක් ම බිහිවන්නේ තම තමන්ගේ පුණ්‍ය ශක්තියට අනුව යි. සෑම පසේ බුදුරජාණන් වහන්සේ නමක් ම පහළ වන්නේ පුණ්‍ය ශක්තියට අනුව යි. එමෙන් ම සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන්නේ ද පුණ්‍ය ශක්තියට අනුව යි. පුණ්‍ය ශක්තියේ අග්‍රතම ඵලය වන්නේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීමයි. බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් පුණ්‍ය බලය මෙසේ වෙයි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කුසල් දහම් පිළිබඳ ව නොපෙරෙලෙන ස්වභාවයෙන් යුතු ව, දැඩි ව සමාදන් ව සිටියේ ය. කාය සුචරිතයෙහි, වාග් සුචරිතයෙහි, මනෝ සුචරිතයෙහි යෙදුණේ ය. දන් බෙදීමෙහි, සිල් රැකීමෙහි, උපෝසථ සිල් රැකීමෙහි යෙදුණේ ය. මවට උවටැන් කිරීමෙහි, පියාට උවටැන් කිරීමෙහි, ශ්‍රමණයන්ට උවටැන් කිරීමෙහි, බ්‍රාහ්මණයන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. කුල දෙටුවන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. අන්‍ය වූ අධිකුසල ධර්මයන්හි ද යෙදුණේ ය. සම්බුදු රජාණෝ බෝසත් අවදියෙහි දී ඒ කර්ම කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ රාගය විසින් හෝ ද්වේෂය විසින් හෝ මෝහය විසින් හෝ ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ් දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි කිසිවකු විසින් හෝ මැඬලිය නොහැක්කේ වෙයි. මෙසේ බුදුරජාණන් වහන්සේ කිසිවකුට මැඬලිය නොහැකි පුණ්‍ය මහිමයෙන් යුතු ව වැඩ සිටි සේක. එපමණක් ද නොව මහා පරිවාර සම්පත්තියක් ලබා වැඩ සිටි සේක.


බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]