[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ඇවිලෙන්න එපා නිවෙන්න....

ගතවෙන සෑම මොහොතක්ම ජීවත්වෙන්නට තිබෙන කාලයෙන් අඩුවී යයි. පරමායුෂ වශයෙන් අවුරුදු සීයක කාලයක් නිශ්චිතයේ පැවතුණ ද, උපන් සියලුම මනුෂ්‍යයන්ට පරමායුෂ භුක්ති විඳින්නට නොලැබෙන බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත්, ජීවිතයේ වැඩිම කාලයක් ගතවෙන්නේ සසර පැවැත්මට ප්‍රත්‍ය වන සංස්කාර හෙවත් කර්ම රැස් කිරීමෙනි. මෙම සංස්කාරයන් ද කාය සංස්කාර, වචී සංස්කාර, මමෝ සංස්කාර වශයෙනි. කයින්, වචනයෙන්, මනසින් කර්ම රැස් කෙරේ. මෙම ත්‍රිවිධ ආකාරයෙන් රැස්කරන කර්ම නැවතත් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙච්ජාභි සංස්කාර වශයෙන් කොටස් කෙරේ. එනම් පින් හෙවත් සුගතියට උපකාරවන කර්ම, පව් හෙවත් දුගතියට හේතුවන කර්ම සහ ධ්‍යාන උපදවා බඹ ලොව ඉපදීමට හේතුවන කර්ම ලෙසිනි. දුගතියේ ඉපදීම අති භයානක ය. සුගතිය, බඹලොව සැපතක් සේ හැඟුන ද පින් පිරිහීමෙන් සුගතියෙන් නික්මීම ද ධ්‍යානයෙන් පිරිහීමෙන් බඹලොවින් නික්මීම ද දුකකි. මේ නිසා සසර නිම කිරීම හෙවත් භවය අවසන් කිරීම හැර අන්‍ය වූ පරම සැපතක් බුදුදහමෙහි පෙන්වා දෙන්නේ නැත. ජීවිතයේ ගතවෙන සෑම මොහොතක්ම අභාවිත සිත්වලට ඇවිලෙන මොහොතක් වන බව ධර්මයෙහි විස්තර කෙරේ. අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් නොගන්නා වූ අභාවිත සිත්හි අපුඤ්ඤාභි සංස්කාර හෙවත් අකුසල කර්ම බොහෝ සෙයින් සකස් කෙරෙති. මෙම අකුසල කර්ම රැස් කෙරෙන චිත්ත චෛතසික ඇවිළී ගන්නා බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. චිත්ත චෛතසිකයන්හි ඇවිළීගත් ගිනි නිවා ගැනීමට නොදත් අශ්‍රැතවත් පෘථග්ජනයා, ඇවිළීමට හේතුවන ප්‍රත්‍ය හෙවත් ආරම්මණ කෙරේම උපාදානයට යොමු වෙයි. එනම් සිතින් අරමුණුූ දැඩිව අල්ලා ගැනීමයි. මෙය ගිනි නිවීමක් වෙනුවට ගිනි තව තවත් අවුළවා ගැනීමකි. සසර දිගුකරමින් ගිනි අවුළවන මේ පරමාර්ථ ධර්ම කතාව නම් කුමක්ද?


බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]