ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දර්ශනපති කනංකේ විජිත නන්ද හිමි
අප කතානායකයාණෝ 1949 මාර්තු මස 10 වැනි දින සසුන්ගත වූයේ කනංකේ විමලඥාන යන ශාසනික නාමයෙනි. එහි දී උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූයේ රාජකීය පණ්ඩිත කනංකේ ඥානාලෝක සහ පැනෑටියන සද්ධාතිස්ස නාහිමිවරුන් ය. විමලඥාන සාමණේරයන් වහන්සේ සියඹලාගොඩ පඤ්ඤාතිස්ස සහ කිරම රතනපාල යන උගත් ධර්මධර, විනයධර මහා යතිවරයන් වහන්සේ ඇසුරෙන් අධ්‍යාපනය ලැබූහ. පසුව උන්වහන්සේ 1957 ජූනි මස 05 වැනි දින ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.
ශාස්ත්‍රපති උපාධිය ද, අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා, තිස් වසරක් පුරා දැයේ දුවාදරුවන්ගේ නැණස පෑදීමට තම දිවිය කැප කළ උන්වහන්සේ සිදු කළ මෙහෙය ඉතා උදාර ය.
වසර 90ක් පමණ ආගමික, අධ්‍යාපනික සහ සාමාජීය සේවාවල නිරත වූ කනංකේ විමලඥාන මාහිමියෝ පසුගිය 13 වැනි දින අපවත් වී වදාළහ. කනංකේ ඥානාලෝක නාහිමියන්ට අජරාමර උතුම් අමාමහ නිවන් සුවය ම අවබෝධ වේවා!
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]