අපවත් වී වදාළ
කනංකේ විමලඥාන නාහිමිපාණෝ
දර්ශනපති
කනංකේ විජිත නන්ද හිමි
අප කතානායකයාණෝ 1949 මාර්තු මස 10 වැනි දින සසුන්ගත වූයේ කනංකේ විමලඥාන යන ශාසනික
නාමයෙනි. එහි දී උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූයේ රාජකීය පණ්ඩිත කනංකේ ඥානාලෝක සහ
පැනෑටියන සද්ධාතිස්ස නාහිමිවරුන් ය. විමලඥාන සාමණේරයන් වහන්සේ සියඹලාගොඩ පඤ්ඤාතිස්ස
සහ කිරම රතනපාල යන උගත් ධර්මධර, විනයධර මහා යතිවරයන් වහන්සේ ඇසුරෙන් අධ්‍යාපනය
ලැබූහ. පසුව උන්වහන්සේ 1957 ජූනි මස 05 වැනි දින ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාර
උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.
ශාස්ත්‍රපති උපාධිය ද, අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා, තිස් වසරක් පුරා දැයේ
දුවාදරුවන්ගේ නැණස පෑදීමට තම දිවිය කැප කළ උන්වහන්සේ සිදු කළ මෙහෙය ඉතා උදාර ය.
වසර 90ක් පමණ ආගමික, අධ්‍යාපනික සහ සාමාජීය සේවාවල නිරත වූ කනංකේ විමලඥාන මාහිමියෝ
පසුගිය 13 වැනි දින අපවත් වී වදාළහ. කනංකේ ඥානාලෝක නාහිමියන්ට අජරාමර උතුම් අමාමහ
නිවන් සුවය ම අවබෝධ වේවා! |