[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

වචනය සහ කය සංවරව සීලානුස්සති භාවනාව වඩමු

සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ වචනයත්, කයත් සංවර කර ගැනීම තුළ තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමයි. තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමේ දී තමන්ගේ වචනයෙන් සිදුවන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෑ. තමන්ගේ කයින් සිදුවූ අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. ඒ වගේම තමන් කය හසුරුවන ආකාරය ගැන සිහියෙන් ඉන්නටත් ඕනේ. උදෑසන ම අවදිව අධිෂ්ඨාන කරන්නට ඕනෙ මම, මගේ ශරීරය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නේ නෑ. මම, මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නේ නෑ කියලා. තමන්ගේ කයත්, වචනයත් පිළිබඳ ව ශාන්ත බවත්, සංවර බවත් ඇති කර ගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන විට තමන් නොදැනීම උදාර ගුණාංගවලට තමන් හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඒ තුළින් තමන්ට පුළුවන් වෙනවා සියලු දෙනා කෙරෙහි තමන් ගැන විශ්වාසනීයත්වයක් ගොඩනඟන්න. මේ විදිහට තමන්ගේ කයයි, වචනයයි සංවර කරගෙන තමන්ගේ සීලමය ගුණය දියුණු කරන්නට ඕනෙ. සවස් කාලය වෙද්දී ඔබට සතුටු වෙන්න පුළුවන් මගේ ජිවිතය අද බොහොම යහපත් විදිහට ගත කෙරුණා. මම අද මගේ කය මුල්කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නෑ. මම සොරකමක් කළේ නෑ. මම වැරැදි ජීවිතයක් ගෙව්වේ නෑ. මම යහපත් ජීවිතයක් ගෙව්වා. මම අද මත්පැන් පානයට යොමු වුණේ නෑ. මම අද ගත කරපු ජීවිතය තුළ කිසි කෙනෙක්ව බොරුවෙන් රැවැට්ටුවේ නෑ. කේළමක් කිව්වෙ නෑ. ඵරුෂ වචනයක් කිව්වෙ නෑ. හිස් වචන කියමින් කාලය කා දැම්මෙ නෑ. මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේ දී, පිරිසුදු වස්ත්‍රයක් දෙස බැලීමේ දී ඒ පිරිසුදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. එලෙස තමන්ගේ සිල්වත් බව භාවනාවක් හැටියට දියුණු කරගන්නවා. මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිරතුරුවම සිදුකරන භාවනාවකි.


මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]