[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිරිපා කරුණාවෙන් පමණක් කළ හැකි පාදවීථිහාර පුණ්‍ය කර්මය

සිරිපා පද්මය උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ලෙසත්, උද්දේසික ධාතුන් වහන්සේ නමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා තිබෙන උතුම් සලකුණක් තමයි ශ්‍රීපාද පද්ම ය. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශ කළ පාරිභෝගික කළ සංකේතයක් ලෙසත්, ශ්‍රීපාද කමල නැත්නම් සිරිපා සලකුණ හඳුන්වන්න පුළුවන්. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සිරිපා සලකුණ තුන් ලෝකයට ම උතුම් සලකුණක්. මහ බෝසතාණන් වහන්සේ පස්මහබැලුම් බලා මහාමායා බිසවගේ කුසේ පිළිසිඳ ගෙන ලුම්බිණි සල් වනයේ යම් දවසක බිහිවුණා ද, ඒ බිහිවීම සිදුවූයේ අන් අය වගේ නොවෙයි. බෝසත් කුමරු ඉපදෙන විට මුලින්ම ඉපදුනේ සිරිපා කමල යි. මවගේ කුස ඇතුළේ පද්මාසනයෙන් තමයි මහ බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ සිටි පද්මාසනය ම ඉදිරියට දිග හැර මනුලොව බිහිවුණා. එවිට තුන් ලෝකයට ම මුලින්ම දකින්නට පුළුවන් වන්නේ බෝසතාණන් වහන්සේ ගේ සිරිපා සඟල යි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු බුදු සිරුර රන් දෙරණේ තැන්පත් කර සුවඳ තෙල් යොදා සඳුන් දර චිතකයේ ආදාහනය කෘත්‍ය සඳහා තැන්පත් කළ මොහොතේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවසන් වතාවට බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා වන්දනා කළා. එහෙම නම් මුලින්ම දුටුවෙත්, අවසානයට දුටුවෙත් උන්වහන්සේගේ සිරිපා පද්මය යි. එදා ඒ පුංචි සිරිපා පතුළ මිහිමඬලේ තබ තබා සත් පියවරක් ගමන් කරන විට මිහිමඬල දෙබෑ කරගෙන පියුම් මතු වුණා. මහ බෝසතාණන් වහන්සේගේ සිරිපා සඟල පුදුම සහගත යි. මහාපුරිස ලකුණින් යුතු රන්වන් රන් සිරිපා සඟල සම ලෙසයි පිහිටා තිබෙන්නේ. පතුලේ උස් තැන් පහත් තැන් දකින්නට නෑ. ඒ වගේම දිගු විළුඹෙන් යුක්ත යි. ඇඟිලි දිගින් යුක්ත යි. ඒ සිරිපතුලේ මැද දහසක් අර, දහසක් නිම් වළලු , චක්‍ර ලක්ෂණයක් (කරත්ත රෝදයක්) පිහිටා තිබෙනවා. මේ කරුණු දැක තමයි “මේ පින්වන්ත කුමරා ගිහිගෙදර වාසය කළොත් සක්විති රජු වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා” කියා මහා පුරිස ලකුණු ගැන ඤාණය තිබෙන කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කියා සිටියේ.


දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]